මොන්සැන්ටෝ සමාගමෙන් “ජරාව” කන උන් ගොඩගිය යහපාලන ගැසට්‌ටුව

(24.07.2018 – divaina.com)

ග්ලයිෆොසේට්‌ අර්බුදය” යළිත් අර්බුදයක්‌ බවට පත්ව තිබේ. ග්ලයිෆොසේට්‌ ඇතුළු (විෂ) කෘෂි රසායන වගාවන් සඳහා භාවිතය මෙරටේ සැබෑම අර්බුදයකි. එය නිකම්ම අර්බුදයක්‌ නොව, ජාතිය නසන අර්බුදයකි. සිංහල, දමිළ, මුස්‌ලිම් වේවා, බෞද්ධ, ඉස්‌ලාම්, හින්දු, බර්ගර් වේවා මේ කාහටත් මෙම කෘෂි රසායනවලින් ගැලවී ගත නොහැකි වීම “ජාතික අර්බුදය” වේ. ඒ නැතිව සිංහල, දමිළ, මුස්‌ලිම් වශයෙන් විරසක වීම ජාතික අර්බුදය නොවේ. ජාතිය නසන පොදු සතුරා කෘෂි රසායන වේ. ඊට රසායනික පොහොර පළිබෝධනාශක, වල් නාශක, දිලීර නාශක යන නා නා විධ විස රසායනිකයෝ අයත් වෙති.

කෘෂි රසායන භාවිත අතීතයට යැමට තවත් අපට වුවමනා නැත. මන්ද ඒ අතීතයම ඛේදවාචකයක්‌ නිසාය. ලෝකයේ විශිෂ්ටතම පාරිසරික ගොවිතැන හිමි සිංහලය (එනම් රට හා විශේෂයෙන් සිංහල බෞද්ධ ජාතිය) මේ ආකාරයෙන් කෘෂි රසායන මාෆියාවක අතරමං වීමම මහා ඛේදවාචකයකි. එම යාන්ත්‍රණය කණපිට හැරවූ (තිරසාර ගොවිතැන) නූතන කෘෂිකාර්මික බිස්‌නස්‌කරුවන් හරි අපූරුවට රටේ කෘෂිකර්මාන්තය කණපිට හැරවීය. ඒ රුපියල් ශත සඳහා නොවන ඩොලර් කුට්‌ටි පිටින් ගිල දැමීමෙන් පසුවය. එහෙත් වේදනාවට ඇත්තේ අදටත් එම කුමන්ත්‍රණය පරදවාලීමට තරම් ශක්‌තිමත් රාජ්‍ය නායකත්වයක්‌ අපට නොමැතිවීමය.

කෘෂි රසායන භාවිතය මෙරට බෝ නොවන රෝග රැසකට හා දහස්‌ ගණනක මරණවලට වගකිව යුතු බවට කිසිදු විවාදයක්‌ නැති සහතිsකයක්‌ රට තුළ පැළපදියම්ව තිබේ. “වස” ගැහුවොත් පළිබෝධකයින් මියයනවා නම් එම වස ගසන හා එම වස ආහාරයට ගන්නා මිනිසුන් වන අප ටිකෙන් ටික හෝ මැරෙන බව හෝ සදාකාලික අකරණවලට ගොදුරුවන බව කුඩා දරුවකුත් දන්නා සාධාරණ සහතිකයකි.

එහෙත් “අපට වස නැතිව බැහැ” යෑයි තර්ක කරන්නෝ සත්‍ය වශයෙන්ම ගොවියන්ද යන්න අප විමසා බැලිය යුතුය. ඇබ්බැහිවූ ගොවියෝ කෘෂි රසායනවලට මුදල් වැය කළද, මෙතරම් කෘෂි රසායන කන්දරාවක්‌ අපගේ වගා බිම් තුළට හැලිය යුතුද යන්න අප අප විසින්ම සිතා බැලිය යුතු කාරණයකි. “අපි කන්නේ වස” යෑයි හැමෝම දන්නා නමුත්, එම ඇබ්බැහියෙන් ඉවත් වන්නට උත්සාහ දරණ උන්ටත් ඉන් ගැලවෙන්නට ඉඩ නොදෙන්නේ බහුජාතික කෘෂි රසායන සමාගම්වලින් බඩ පුරා “ජරාව කන” මෙරට දේශපාලකයන් හා විද්වතුන් යෑයි කියා ගන්නා අමන ආචාර්ය මහාචාර්ය පිරිසක්‌ විසිනි.

රජරට වෙලාගත් වකුගඩු රෝගය ඇතුළු රෝග රැසකට ග්ලයිෆොසෙට්‌ පූර්ණ වල්නාශකය ඇතුළු කෘෂි රසායන හේතුවී ඇති බවට හඳුනාගෙන බොහෝ කල්ය. එහෙත් මීට එරෙහිව මත දරන්නන් කියන්නේ එය තවමත් “හරිහැටි හඳුනා නොගත් වකුගඩු රෝගය” කියාය. එනිසා ඊට ග්ලයිෆොසේට්‌ හෝ කෘෂි රසායන හේතුවන බවට සාධක නැතැයි ඔවුහු තර්ක කරති. මේ රටේ මොනයම්ම හෝ මාරාන්තික හඳුනා නොගත් රෝග තත්ත්වයකට හේතුව සොයා ගත්තේ මේ ලියන මම හෝ කියවන පාඨක පිරිසෙන් වැඩි දෙනා නොවේ. ඒවා හඳුනා ගැනීම කළ යුත්තේ ඔය කියන විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්ය පට්‌ටම් දරන්නේ, වෛද්‍යවරු (වෛද්‍ය පර්යේෂණායතනය වැනි) හා පර්යේෂණ ආයතන මගිනි. ඒ වගකීමක්‌ අප මත පටවා, ඊට වගකිවයුතු කෘෂි රසායන ආයතනවලින් ඩොලර් කුට්‌ටි ගණන් ගිලගන්න මේ කියන ආචාර්ය මහාචාර්යවරුන් මෙසේ පාවා දෙන්නේ අනාගතයේ ඉපදෙන්නටත් සිටින දරුවාගේ අනාගතය නොවන්නේද? එසේම ඔවුන් මේ අනුභව කරන්නේත්, තම දරුවන් සුපිරි පාසල්වලට යවන්නේත් උන්ගේ බඩ පුරවන්නේත් මෙසේ අමන විදිහට කෘෂි රසායන ගම්මානවලින් ගිලගත් මුදල්වලින් නොවන්නේද යන්නත් අපට ප්‍රශ්න කළ යුතුව තිබේ.

කෙසේ හෝ ග්ලයිෆොසේට්‌ නම් සියල්ල නසන විෂ රසායනිකය (රජරට) වකුගඩු රෝගයට ප්‍රධාන හේතු සාධකය බැවින් වහාම තහනම් කරන ලෙස ඉල්ලා සිටි අය අතර පූජ්‍ය අතුරලියේ රතන හිමි ප්‍රධාන තැනක්‌ ගත්තාය. මීට පෙර රජරට වෛද්‍ය පීඨයේ පීඨාධිපති වෛද්‍ය චන්න ජයසුමන වැනි තරුණ දේශීය හිතැති ක්‍රියාකාරිකයන් රජරට වකුගඩු රෝගය උපන් භූමියේ වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ මරණ මංචකයේ සිටම ග්ලයිෆොසෙට්‌ විරෝධී වෙඩිමුරය පත්තු කළ අයුරු අපට මතකය.

එසේම මහාචාර්ය සරත් ගුණපාල වැනි වෛද්‍ය විශේෂඥයන් ග්ලයිෆොසෙට්‌ පිළිබඳව දීර්ඝ වශයෙන් අධ්‍යයනය කර එය මිනිස්‌ සිරුරට හා අනාගත ආහාර ජාල පද්ධතියට පවා ඇතුළු වී සිදුකරන විනාශය පිළිබඳව සාක්‍ෂි සහිත නිගමන ලබාදුන් නමුත් මේ හැම දෙනාම පෙර කී කෘෂි රසායන සල්ලිවලින් ගැරහීමට බඳුන් කළා මිස ඔවුන් අගය කළෝ ජාතියට ආදරය කරන්නෝම විය.

කෙසේ හෝ යහපාලන රජයේ වැදගත්ම තීන්දුවක්‌ ලෙස මෙලෙස ග්ලයිෆොසෙට්‌ ආනයනය, භාවිතය, විකිණීම හා ළඟ තබා ගැනීම තහනමට ලක්‌ කෙරුණේ අතුරලියේ රතන හිමියන්ගේ මැදිහත් වීමෙනි. මන්ද මහින්ද රාජපක්‍ෂ රජය පෙරළා දමා මෛත්‍රිපාල සිරිසේන රජය බිහිකිරීමේ වැදගත් මෙහෙවරක්‌ උන්වහන්සේ සිදුකළ නිසා ඊට ප්‍රති උපකාර වශයෙනි. ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 දින ග්ලයිෆොසෙට්‌ සම්පූර්ණයෙන්ම තහනම් කරන ලද ගැසට්‌ නිවේදනයට අත්සන් තබා එය ප්‍රකාශයට පත්කළේය.

ඒ අනුව රජය මගින් තවත් වැදගත් වගා ඉලක්‌ක වැඩසටහනක්‌ද ක්‍රියාවට නැඟුවේය. ඒ නම් “වස විස නැති රටක්‌” කාබනික ගොවිතැන් වැඩසටහනය. ග්ලයිෆොසෙට්‌ තහනමට සමගාමීව රසායන පොහොර සහනාධාරය වෙනුවට එය ගොවි සහනාධාරයක්‌ බවට පත්කර මුදල් ලබාදී එමගින් කාබනික පොහොර නිෂ්පාදනයට ජාතිය මෙහෙයවීම මෙම වගා වැඩසටහනේ අරමුණ හා ක්‍රියාන්විතය විය. එය තවදුරටත් ක්‍රියාත්මක වැඩසටහනක්‌ වන අතර, අතුරලියේ රතන හිමියන්ගේ මූලිකත්වයෙන් සිදුකරන මෙම ව්‍යාපෘතිය මගින් පසුගිය වසර තුන තුළ ඉතා ඉහළ ප්‍රතිඵල අත්කර ගෙනද ඇත.

එනම් රසායනික පොහොර වෙනුවට ජෛවජනන තාක්‍ෂණය මුසු කළ නවීන තාක්‍ෂණයෙන් නිපදවූ කාබනික පොහොර හා කෘමි නාශක වෙනුවට කෘමි විකර්ෂක හා වල්නාශක වෙනුවට වෙනත් ක්‍රමයෙන් වල් මර්දනය කරන ක්‍රමවේද ඔස්‌සේ (ධාර්මික ගොවිතැන) දෙමුහුන් (හයිබ්‍රිඩ්) වී වර්ගවලින් අක්‌කරයකට බුසල් 120 ක වාර්තාගත විශ්මිත අස්‌වනු ලබාගෙන ඇත්තේ භූමිය තුළ අත්හදා බැලීමෙන් අනතුරුවය.

එහෙත් පසුගිය පළාත් පාලන මැතිවරණය අන්ත පරාජයකට පත්වූ මත්මන් යහපාලන රජය තේරුම් ගත්තේ එසේ ඡන්දය පරාද වූයේ “ග්ලයිෆොසෙට්‌ තහනම” හේතුවෙන් බවටය. නැතහොත් රසායන පොහොර වෙනුවට ගොවියාට මුදල් සහනාධාරය දුන් හේතුව නිසා බවටය. එනිසා ජනාධිපතිවරයා ඇතුළු රජරට වකුගඩු රෝගයෙන් හා බෝ නොවන රෝග හේතුවෙන් අති විශාල මිනිසුන් පිරිසක්‌ දිනපතා මියයැම පිළිබඳව වේදනාවෙන් කටයුතු කළ පිරිසක්‌ විසින් ආයාසයෙන් යටපත් කරගෙන සිටි බහුජාතික කෘෂි රසායන සමාගම් හා උන්ගේ නියෝජිතයන් මේ ස්‌ථාවරයෙන් යළිත් උද්දීපනය විය.

ඔවුන් උත්සාහ ගත්තේම “ග්ලයිෆොසෙට්‌ තහනම” ඉවත් කර ගැනීම සඳහාය. දැන් දැන් සලකා බලන කල පළිබෝධ නාශක රෙජිස්‌ට්‍රාර්වරයාද එම උද්දීපනයෙන් සිටියකු බව ඔහු කරන කියන ක්‍රියාවලින් සනාථ වනු පෙනේ.

වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායකත්, හිටපු කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායකත්, ග්ලයිෆොසේට්‌ තහනම ඉවත් කරගත යුතු බවට හඬ නැගූ පරපුරේ ජ්‍යෙෂ්ඨයෝ වූහ. ඊට කදිම තල්ලුව පෙරකී ග්ලයිෆොසෙට්‌ නිපදවන මොන්සැන්ටෝ සමාගමේ දේශීය ඒජන්තවරු ලබා දුන්හ. එහි ප්‍රතිඵලයක්‌ ලෙස හා ඡන්ද පරාජයේ ප්‍රතිඵලය නම් කැබිනට්‌ මණ්‌ඩලය තේ සහ රබර් සඳහා ග්ලයිෆොසෙට්‌ තහනම ලිහිල් කිරීමය. එහෙත් ඉහත ඇමැතිවරු දෙදෙනා සමඟ කැබිනට්‌ටුවෙන් පත්කළ ග්ලයිෆොසෙට්‌ පිළිබඳ පත්කළ කමිටුවල ඇමැති රාජිත සේනාරත්න හා (හිටපු) සුසිල් ප්‍රේමජයන්ත, අතුරලියේ රතන හිමි ඊට පක්‍ෂව කතා කළේ නැත. රාජිත සේනාරත්න හා රතන හිමි ඊට එරෙහිව දැඩිව නැඟී සිටි දෙදෙනෙකි. රතන හිමි මෙම ග්ලයිෆොසෙට්‌ විරෝධී සටනේ පෙරගමන්කරුවා විය.

එහෙත් ඒ සියලු විරෝධතා නොතකා තේ සහ රබර් සඳහා ග්ලයිෆොසෙට්‌ තහනම ලිsහිල් විය. ඊට අදාළ ගැසට්‌ටුව පළිබෝධ නාශක රෙජිස්‌ට්‍රාර්වරයා විසින් නිකුත් කළ යුතුව තිබුqණු අතර, විශ්මය නම් ජුලි 11 දා ඔහු විසින් නිකුත් කරන ලද අංක 2079/37 දරණ අති විශේෂ ගැසට්‌ටුවේ සඳහන් වූයේ 2015 ඔක්‌තෝබර් මස 23 දා අංක 1937/35 දරණ අති විශේෂ ගැසට්‌ නිවේදනය මගින් ලියාපදිංචි අංක 1071/83-6 දරණ ග්ලයිෆොසෙට්‌ රසායනිකය සඳහා වන “සෑම බලපත්‍රයක්‌ම අවලංගු කිරීමේ” නිවේදනයේ සඳහන් නියමිත “පරිච්න්න” කරන බවකි. එනම් තහනම ඉවත් කිරීම සිදුකරන බවකි. පෙර නිවේදනය අවලංගු කරන බවකි.

තේ සහ රබර් සඳහා හෝ පමණක්‌වත් ග්ලයිෆොසෙට්‌ තහනම ඉවත් නොකරන ලෙස ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය (ජනතාව) ඉල්ලා සිටින මොහොතක ඒ සඳහා කැබිනට්‌ අනුමැතිය දීමම ප්‍රවෘත්තියක්‌ බවට පත්විය. එහෙත් ඒ සඳහා වන ගැසට්‌ නිවේදනය මේ ආකාරයෙන් නිකුත් කිරීම මගින් මේ ලියන මොහොත වන විටත් ග්ලයිෆොසෙට්‌ තහනම සම්පූර්ණමයෙන්ම ඉවත්ව තිබේ. එනම් රේගුව තුළ සිරවී ඇති ග්ලයිෆොසෙට්‌ තොගයද රට තුළට ගැනීමට මේ අනුව කිසිදු බාධාවක්‌ නැත. පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර් ඡේ. ඒ. සුමිත් මහතා විසින් මෙසේ ලිහිල් ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරමින් නිකුත් කරන ලද ගැසට්‌ නිවේදනය ගැන ඔහුගෙන් විමසන කල ඔහු කියන්නේ ප්‍රථමයෙන් අදාළ තහනම සම්පූර්ණයෙන් ඉවත් කර තවත් ගැසට්‌ නිවේදනයකින් තේ සහ රබර් සඳහා පමණක්‌ යළිත් තහනම විවෘත කර ඉතිරි බෝග සඳහා වසා දැමීම සිදුකරන බවකි. එහෙත් ඔහු කියන අදාළ දෙවැනි නියමය ගැසට්‌ කරන්නට තවමත් ඔහුට හදිසියක්‌ නැති ගානය. ඔහුටද අවැසි බව පෙනෙන්නේ ග්ලයිෆොසෙට්‌ තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කළ කාලයක්‌ රට තුළ තබා ගැනීමටය. එය මොන්සැන්ටෝ සමාගම හෝ එම සමාගමේ ඒජන්තවරුන්ගේ හෝ ඉල්ලීමක්‌ ඔහු විසින් මල්ඵල ගැන්වීමක්‌ම බව අප කියන්නේ නැත. නමුත් එසේ සිදුව ඇත. දැනටමත් තහනම් ග්ලයිෆොසෙට්‌ රට තුළට ඕනෑ තරම් (වරාය ඔස්‌සේම) ඉඩකඩ විවරව තිබේ. ඒ නැතත් මේ “උපකාරය” සඳහා තවත් බොහෝ දේ තමන්ගේ උදර කුහර, උරකුහර පිරෙන්නට ගලා එන්නට ඉඩ තිබේ. නමුත් තමුන්ගේ දරුවන්ගේ උදර තුළට ගලන්නේත් මේ “ග්ලයිෆොසෙට්‌ම” බව මේ නොවැටහීම මෙවන් තුච්ඡයන්ගේ සැබෑව රටට හෙළිකරනු පෙනේ.

“වස විස නැති රටක්‌” වෙනුවෙන් පෙළ ගැසී අප බොහෝ දෙනකු සටන් කළේ ජාතිය වස විස නැති ජාතික අර්බුදයෙන් ගලවා ගනු සඳහාය. එහෙත් ඒ උත්තුංග මිනිසුන්ගේ වෑයම බිඳ හෙලුවද ඔවුන්ගේ අධිෂ්ඨානය මේ ග්ලයිෆොසෙට්‌ තහනම ලිහිල් කිරීමෙන් බිඳ දැමිය නොහැකි බව අපගේ විශ්වාසයයි. රජරට වේදනා විඳින දහසකුත් ජනයාගේ මරණ මංචකයේ නැඟෙන අෙ¹නාවෙන් මෙවැනි “ඩීල්”කරුවන්ට අපි සොබාදහමේ දඬුවම් ඉල්ලා සිටින්නෙමු. “වස විස නැති රටක” පැතුම සැබෑ වේවා.

– ජගත් කණහැරආරච්චි

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *