මොරගහකන්ද අවුරුදු තුනහමාරෙන් හැදීම විශ්මකර්ම වැඩක්.. මං කිසි වැඩක් කර නෑ.. ඔක්කොම කලේ මේ ආණ්ඩුවෙන්… – මහින්ද මොරගහකන්ද ගැන හෙලි කරයි..

(25.07.2018 – 15:00 +0530 – lankacnews.com)

මොරගහකන්ද කළුගග ව්‍යාපෘතිය විවෘත කිරීමෙන් පසු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැක්වූ අදහස් සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රතිචාර පල කරයි.

වසර තුනහමාරකින් එවන් විශාල ව්‍යාපෘතියක් වැඩ නිම කිරීම විශ්ම කර්ම වැඩක් යයිද කී රාජපක්‍ෂ මහතා තමන් කිසිම දෙයක් සිදු කර නැති බවත් කර ඇති සියළු දේ කර ඇත්තේ මේ ආණ්ඩුවෙන් බවත් සදහන් කලේය.

ඔහු මේ අදහස් පල කලේ පැපිලියාන සුනේත‍්‍රාදේවී පිරිවෙනේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

**************************************

පාසල් සිසුවියක් දූෂණය කළ බව කියන ගුරුවරුන් දෙදෙනෙක් පොලිස් දැලේ
(25.07.2018 – 12:09 +0530 – hirunews.lk/sinhala)

මොණරාගල ප්‍රදේශයේ පාසලක උසස් පෙළ හදාරන සිසුවියක් දූෂණය කළ බව කියන උපකාරක පංති ගුරුවරයෙකු සහ රජයේ පාසලක ගුරුවරයෙකු ඊයේ (24) මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක් උපකාරක පංති ගුරුවරයෙක් විසින් සිසුවිය සිය නිවසට ගෙන්වාගෙන මෙලෙස දූෂණයකර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව අදාල ගුරුවරයා විසින් ඔහුගේ මිතුරෙකු වන අනෙක් ගුරුවරයාට ලිංගික කාර්ය සඳහා සිසුවිය ලබාදී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අනතුරුව එම උපකාරක පංති ගුරුවරයා සිසුවිය ලැඟුම්හලකට රැගෙන ගොස් ඇයව දූෂණය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාල ගුරුවරයා සිසුවිය සමඟ ලිංගිකව හැසිරෙන දර්ශන තම ජංගම දුරකථනයෙන් වීඩීයෝ ගතකර එම දර්ශන සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

අත්අඩංගුවට ගැනුණු ගුරුවරුන් දෙදෙනා අද (25) දින මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මොණරාගල පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *