ඒ-9 මාර්ගයේ රිය අනතුරකින් 18 දෙනෙකුට තුවාල

(25.07.2018 – 09:08 +0530 – hirunews.lk/sinhala)

ඒ-9 මාර්ගයේ පූනාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද (25) අලුයම කොළඹ සිට පුදුකුඩිඉරිප්පු දක්වා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් බස් රථයේ ගමන් කළ මගීන් 18 දෙනෙකු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.







+++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *