ආණ්ඩුව වංචනික ලියවිල්ලක් නීතිගත කර ගැනීමේ උත්සහයක

(25.07.2018 – 14:56 +0530 – sinhala.adaderana.lk)

නව ව්‍යවස්ථාවක් ගෙන එන මුවාවෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුව තුල වංචා සහගත ලියවිල්ලක් නීතිගත කිරිමට වත්මන් ආණ්ඩුව උත්සහ කරමින් සිටින බව එකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.

කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ කාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා මේ බව පැවසීය.

එම්. ඒ. සුමන්තිරන් සහ ජයම්පති වික්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව ඔවුන්ට අවශ්‍ය පරිදි ෆ‌ෙඩරල් ව්‍යවස්ථාවක් ඇති කර ගැනිමට උත්සහ කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

ව්‍යවස්තා සම්පාදන කමිටුවේ සමාජිකයින් 10 දෙනෙකු සිටින අතර යොජිත අවසන් ලියවිල්ලට එම සමාජිකයින්ගෙන් 06 දෙනෙකු පමනක් අත්සන් කර ඇති අතර එයිනුත් එක් සමාජිකයෙකුගේ අත්සන වලංගු නොවන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු පැවසුවේ අදාල සමාජිකයා මිට මාස 06 කට ප්‍රථම සිට විදෙස් ගතව සිටින අයෙකු බව සහ එම සමාජිකයාගේ අත්සන මෙම ලියවිල්ල තුල තිබිම ගැටළුකාරි තත්ත්වයක් බවය.

මේ සම්බන්ධයෙන් කරුණු විමසු විට අදාල කමිටුවේ නව ව්‍යවස්තා කෙටුම්පතට අත්සන් නොකළ සමාජිකාවක් වන මහාචාර්ය කමීනා ගුණරත්න මහත්මිය පවසා ඇත්තේ එම්. ඒ. සුමන්තිරන් සහ ජයම්පති වික්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව ඔවුන්ට අවශ්‍ය පරිදි යම් යම් කරුණු අදාල ලියවිල්ලට ඇතුලත් කරන ලෙසට බලපැම් සිදු කළ බවය.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාද දැනුම්වත් කළ බව එම මහත්මිය පවසා ඇති බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාද එක්ව සිටියේය ෴

++++++++++++++++++++++++++++++++

ඒකාබද්ධ විපක්ෂය විසින් අද දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව සදහා සහභාගිවූ අවස්ථාව.

Posted by Mahindananda Aluthgamage on Tuesday, July 24, 2018

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *