ජනපති නියමයෙන් උසස්වීම් 1014 ක් අත්හිටුවයි

(25.07.2018 – 16:51 +0530 – lankadeepa.lk)

දේශපාලන පළිගැනීම්වලට ලක් වු අධ්‍යාපන ක්ෂේත්‍රයේ 1014 දෙනකුට අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ඉහළ තනතුරු ලබා දීම ජනාධිපතිවරයාගේ නියෝගයෙන් අත්හිටුවා තිබේ.

දේශපාලන පළිගැනීමවලට ලක්වු 1014 දෙනකුට ඉහළ තනතුරු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු යොදා තිබු අතර ඒ සම්බන්ධයෙන් ගුරු හා විදුහල්පති සංගම් දිගින් දිගටම විරෝධය දැක්වීය.

අධ්‍යාපන අමාත්‍යංශ කමිටුවක් මගින් තෝරාගත් දේශපාලන පළිගැනීම්වලට ලක් වුවන් බව කියන ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ පෞද්ගලික ලිපි ගොනු පරීක්ෂා කිරීමටත් ඔවුන් සැබැවින්ම දේශපාලන පළිගැනීම්වලට ලක්වුවන්දැයි සොයා බැලීමටත් ජනාධිපතිවරා උපදෙස් ලබා දී තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++++++

ජනපති සමග සාකච්ඡාවෙන් පසු වර්ජනයක් නවතී
(25.07.2018 – nethnews.lk)

ගුරු විදුහල්පති ඇතුලූ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති හෙට (26) දිනයේ කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. ඒ, ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සමග අද පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවයි.

දේශපාලන පලිගැනීම්වලට ලක්වූ පිරිසකට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පත්වීම් සහ උසස්වීම් 1014 ක් ලබා දීමට රජය ගෙන තිබූ තීරණයට එරෙහිව මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය කි‍්‍රයාත්මක කිරීමට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති තීරණය කර තිබුණා. කෙසේවෙතත් අදාළ පත්වීම් ලබා දීම අත්හිටුවීමට ජනාධිපතිවරයා අද පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබනෙවා.

ඒ, අනුව හෙට (26) කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සංගමයේ උප සභාපති නීල් අතුකෝරළ මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ ෴

**************************************

රත්නපුරේ බට්ටීට බස්නැවතුම්පොළේදී පහරදුන් පොලිස් නිලධාරියාට වැඩ වරදී
(25.07.2018 – nethnews.lk)

2014 වසරේ සැප්තැම්බර් මස 06 වන දින රත්නපුර බස්නැවතුම්පලේදී පොලිස් සැරයන්වරයෙකු විසින් කාන්තාවකට කළ හරදීමෙන් ඇයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) තීන්දු කළා. පහර කෑමට ලක්වූ වීරසිංහ ආරච්චිලාගේ කාන්තිලතා හෙවත් බට්ටි නැමැත්තියට රුපියල් 55,000 ක වන්දි මුදලක් ගෙවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකාර පොලිස් සැරයන්වරයාට නියෝග කළේ.

තමාට සිදුවූ කායික, මානසික පීඩනය හා අපහාසය වෙනුවෙන් රුපියල් කෝටි 05 ක වන්දියක් ලබා ලෙස ඉල්ලමින් අදාළ කාන්තාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා. එහි තීන්දුව අද ප‍්‍රකාශයට පත් කරනු ලැබුවේ ඊවා වනසුන්දර හා එල් ටී බී දෙහිදෙණිය යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ෴

++++++++++++++++++++++++++++++++++++++++

2014-09-28

++++++++++++++++++++++++++++++++++++++++

2014-10-02

++++++++++++++++++++++++++++++++++++++++

2014-10-03

+++++++++++++++++++++++++++++++++++++++++

2014-10-01

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *