2017 උසස් පෙළ විභාගයෙන් සරසවි වරම් ලබන අවම ලකුණු ප්‍රකාශයට පත් කෙරේ

(26.07.2018 – 21:34 +0530 – hirunews.lk/sinhala)

2017 උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුලත් කර ගැනීමට අදාළ අවම ලකුණු නිකුත් කර තිබෙනවා.

ඒ අනුව www.ugc.ac.lk යන වෙබ් අඩවියෙන් එම ලකුණුවලට අදාළ තොරතුරු ලබාගත හැකියි ෴

***************************************

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ඇති ආරක්ෂාව ගැන හිටපු ජනපතිට ගැටලුවක්
(26.07.2018 – 20:43 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ඇති ආරක්ෂාව තවදුරටත් එලෙසම තිබෙන්නේ දැයි යන්න ගැටලුවක් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ අද පස්වරුවේ පිළියන්දල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *