අර්ජුන මහේන්ද්‍රන්ගේ පුතුගේ විවාහයට එංගලන්තයට ගිය දේශපාලනඥයන් කවුද ? – 16 න් ප්‍රශ්න 3 ක්

(26.07.2018 – 18:46 +0530 – hirunews.lk/sinhala)

එංගලන්තයේදී පැවති හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ පුතුගේ විවාහ මංගල්‍යයට සහභාගි වූ දේශපාලනඥයන් කවුදැයි හෙළි කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායම පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මෙම අදහස් පළ කළ අතර, එහිදී ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්නට ප්‍රශ්න 3 ක් ද ඉදිරිපත් කළා.

****************************************

ඇමති නියෝගයෙන් වැලිකඩ සිරගෙදර බුද්ධි අංශය විසුරුවා හරියි
(26.07.2018 – 19:02 +0530 – sinhala.adaderana.lk)

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරූවා හැරීමට තීරණය කර තිබේ.

පසුගිය දිනවල බන්ධනාගාර දෙපාර්තුමේන්තුව සම්බන්ධයෙන් විවිධ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් කෙරුණු සොයාබැලීමකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව එම අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *