ශ්‍රී ලංකාවට හිමිවෙන විශාලතම යුද නෞකාව

(26.07.2018 – 17:10 +0530 – sinhala.adaderana.lk)

‘රිම් ඔෆ් ද පැසිෆික් 2018’ ලොව විශාලතම නාවික යුද අභ්‍යාසයට සමගාමීව ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් විශාල යුද නෞකාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබේ.

එය ශ්‍රී ලංකාවට මෙතෙක් හිමි වූ විශාලතම යුද නෞකාව වන අතර ඇමරිකාවේ හවායි නුවර සිට ඒ පිළිබඳව තොරතුරු ගෙන එන්නට සූදානම් අද දෙරණට හැකි විය.

දිගින් මීටර් 115 ක් වන ෂර්මන් නම් මෙම යුද නෞකාව විශාල නාවික යුද අවි ආයුධ ඇතුළුව නවීන තාක්ෂණික පහසුකම් රැසකින් සමන්විතයි.

ඇමරිකානු නාවික හමුදාව විසින් එහි කපිතාන්වරයාගේ අධීක්ෂණය යටතේ මෙරටට ගැලපෙන අයුරින් නෞකාවේ අලුත්වැඩියා කිරීමේ කටයුතු ද මේ දිනවල සිදුකරමින් පවතියි.

ශර්මන් නෞකාවේ කපිතාන්වරයාගෙන් අප මෙහිදී ප්‍රශ්න කිහිපයක් අසන්නට විය. එහිදී අදහස් දැක්වු අදහස් පහතින් දැක්වෙයි :

විශේෂ හේතුවක් තියනවද මෙම නෞකාව ශ්‍රී ලංකාවට ලබාදීමට ?

ශර්මන් නිර්මාණය කළේ 1968 දී දැන් වසර 50ක කාලයක් වුණත් එය සැහෙන්න දුරට වෙරළ ආරක්ෂක කටයුතු වලට මෙන්ම සාගරික නීතිය ආරක්ෂා කිරීමට සහ විශේෂ මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා භාවිත කෙරුණා. ඉතිං අපි මෙය ලබාදෙන්නේ විශාල උද්යෝගයකින් මොකද අපි දන්නවා මේ නෞකාවෙන් කොතරම් සේවයක් වුණාද කියලා වගේම තවමත් එය කොතරම් හැකියාවන්ගෙන් සමන්විතද කියලා.

ශ්‍රී ලාංකික නාවිකයින් සඳහා මෙහි පුහුණූ කිරීමේ කටයුතු කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ ?

පුහුණු කිරීමේ කටයුතු ඉතාම හොඳින් සිද්ධ වෙනවා මේ වෙනකොට. මගේ කණ්ඩායම ඔවුන්ට සියලුම දේවල් පිළිබඳ ඉගැන්වීම සිදුකරනවා. කෙටි කාලයක් තුළ ඒය සිදුකිරීම පහසු කටයුත්තක් නෙමෙයි.

නෞකාව ක්‍රියාකරවන අකාරය පිළිබඳ ඇමරිකානු නාවික හමුදාව විසින් ශ්‍රී ලාංකික නැවියන් පුහුණු කිරීම සිදුකෙරෙමින් පවතින අකාරයද අපට මෙලෙස දැකගත හැකි විය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • This ship may have hundreds of underwater listening devices embedded into its hull to detect Chinese and Russian underwater vehicles, platforms or sensors embedded in the sea bed, and satellite transmission eqpt. The gift from US may well be a Trojan Horse in water, only that Sri lankan Navy may be operating the ship oblivious to its real purpose in the Indian Ocean.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *