පේරාදෙණිය විශ්වවිද්‍යාලය මාස දෙකක කාලසීමාවක් සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමේ

(27.07.2018 – 09:09 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මාස දෙකක කාලසීමාවක් සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ ඉංජිනේරු පීඨයේ උද්ගතව ඇති අර්බුදකාරි තත්ත්වය මත සිසුන්ගේ ආරක්ෂාව පිළිබද සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව, අද පස්වරු 6 වනවිට නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙසයි විශ්වවිද්‍යාලයේ සියලූම සිසුන්ට දැනුම්දී ඇත්තේ ෴

++++++++++++++++++++++++++++++

පැමිණීම දුර්වල 4 දෙනෙකු නිසා පේරාදෙණිය සරසවියම මාස 2 කට නවතී
(27.07.2018 – gossiplankanews.com)

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මාස 2 ක කාලයක් සඳහා වසා දමා තිබේ. එහි පාලනාධිකාරිය සඳහන් කළේ, සිසුන් විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල තුළ බලහත්කාරයෙන් රැඳී සිටීම ඊට හේතුව බවය.මේ අනුව අද පස්වරු 6.00 ට පෙර විශ්වවිද්‍යාල භූමියෙන් සහ නේවාසිකාගාරවලින් ඉවත් වන්නැයි සියලු සිසුන්ට පාලනාධිකාරිය දැනුම් දෙයි.

පරිපාලන ගොඩනැගිල්ල තුළ බලහත්කාරයෙන් රැඳී සිටින ඉංජිනේරු සිසුන් පාලනාධිකාරියෙන් ඉල්ලා සිටින්නේ, පැමිණීම සම්පූර්ණ නොකළ සිසුන් සිව් දෙනෙකුට විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දෙන ලෙස ය. මුලදී මෙම ඉල්ලීමට පදනම් වූයේ ශිෂ්‍ය මර්දනය සහ අධ්‍යයන කටයුතු මෙන්ම සුබසාධන කටයුතු නිසි පරිදි ඉටු නොවීම වැනි ගැටලු කිහිපයක් වුවද පසුව විරෝධතාවේ සැබෑ හේතුව මතුවිය.

එම 4 දෙනා සියයට අසූව සම්පූර්ණ නොකිරීම නිසා විභාගයට පෙනී සිටිය නොහැකි බවට ඉංජිනේරු පීඨ අංශ ප්‍රධානීන් දැනුම් දුන් පසුව ඉංජිනේරු සිසු සංගම් එයට විරෝධය පළකරමින් කාර්යාලය තුළ පදිංචිවී මුළු සරසවියේම කටයුතු අඩාල වන ලෙස හැසිරීම මත මෙම තීරණය ගන්නට සිදුව ඇත.ජූලි මාසයේ මුල සිට මේ දක්වාම මෙම විරෝධතාව පැවතිණි ෴

***************************************

නෙත් නිව්ස් මාධ්‍යවේදීන්ට කරදරයක් වුවහොත් අදාල පාර්ශව වගකිවයුතුයි
(27.07.2018 – nethnews.lk)

නෙත් නිව්ස් ප‍්‍රවෘත්ති කළමණාකරු හේමන්ත කහවලගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මෙන්ම එම ආයතනයේ සේවයේ නිරත තැනැත්තන්ට යම් කරදරයක් සිදුවුවහොත් ඊට අදාළ පාර්ශවයන් වගකිවයුතු බව ඒකාබද්ධ විපක්‍ෂය යළි අවධාරණය කරනවා.

මාධ්‍යවේදීන්ට එල්ල වන තර්ජනවලට එරෙහිව පාර්ලිමේන්තුවේදී හඬක් නගන බවයි මන්තී‍්‍රවරයා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ.

******************************************

සිංහල සින්දු කියන- දෙමළෙන් ඉගෙන ගන්න… සුරතල් පොඩි පුතුනේ – සමාවෙයන් හෙළ දෙරණේ..
(27.07.2018 – 08:40 +0530 – lankacnews.com)

මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය ෆේස් බුක් පිටුවට එක් කර ඇති වීඩියෝවක් සහ ඒ වෙනුවෙන් ලියා ඇති කවි පදයක් සමාජ ජාල ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් ඇත.

මන්නාරම දිස්ත්‍රික්කයේ සිලාවතුර සිංහල ගම්මානයට වෛද්‍ය කඳවුරක් පැවැත්වීමට සහ වියලි ආධාර බෙදා දීමකට එහි ගිය අවස්ථාවේ ගම් වැසි මවක දැක්වූ අදහස් වීඩියෝවේ දැක්වේ.

සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගැනීමට අවස්ථාවක් නැති නිසා දෙමළ භාෂාවෙන් සිය පුතුට අධ්‍යාපනය ලබා දෙන බව එම මව පවසයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *