හෙට (31) ප්‍රදේශ රැසකට පැය 15 ක් වතුර නවතී

(30.07.2018 – 10:23 +0530 – hirunews.lk/sinhala)

හෙට (31) පෙරවරු 9 සිට පැය 15 ක් බියගම උතුර,සියඹලාපේ වත්ත, දෙල්ගොඩ, කඳුබොඩ, මල්වාන, දොම්පේ, නාමලුව, දෙකටන ඇතුළු ප්‍රදේශ රැසක ජලය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින් :

බියගම උතුර
සියඹලාපේ වත්ත
අළුබෝවිල

දෙල්ගොඩ
අකුරුමුල්ල
කඳුබොඩ

උලහිටිවල
වල්ගම
යබරළුව

මල්වාන
දොම්පේ
නාමළුව

දෙකටන
නාරම්පල
ගලවලගොඩ

කළුකොදවාව
ඉන්දොලමුල්ල

***************************************

ආවා කල්ලි නායකයාගේ නිවසට ප‍්‍රහාරයක්.. තවත් නිවාස 03 කට ප‍්‍රහාර..
(30.07.2018 – 08:40 +0530 – lankacnews.com)

යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියේ වත්මන් නායකයා බවට සැලකෙන පුද්ගලයාගේ නිවසට ඇතුලු ස්ථාන 4 ක පිහිටි නිවාස 4 කට ඊයේ (29) රාත්‍රියේ තියුණු ආයුද ගත් පිරිසක් කඩා වැදී නිවාස අලාභහානි රැසක් සිදු කොට පලා ගොස් ඇතයි යාපනය පොලීසිය කියා සිටියේය.

යාපනය කොකුවිල්හි පිහිටි ආවා කල්ලියේ වත්මන් නායකයා බවට සැකකෙරෙන අශෝකන් හෙවත් අශෝක් කුමාර් නැමත්තාගේ නිවසටත් එම ප්‍රදේශයේම ආවා කල්ලියට සම්බන්ධ වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ නිවාස දෙකකට හා මාණිප්පායි පොලිස් වසමේ අනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි අවා සාමාජිකයෙකුගේ නිවසටද මෙම ප්‍රහාරයන් එල්ල වී ඇති බවට පොලීසිය කියා සිටියේය.

යතුරුපැදි 4 කින් මුහුණ වසාගත් අටදෙනෙකුගෙන් යුත් පිරිසක් කඩු ඇතුලු තියුණු ආයුද සමග පැමිණි මෙම පිරිස් විසින් ඊයේ සවස 5.15 සිට රාත්‍රි 10.30 දක්වා කාලය තුලදී නිවාස වලට පහරදීම සිදු කොට ඇති අතර ස්ථාන හතරෙම පිහිටි නිවාස වලට එකම කණ්ඩායම පහර දී ඇති බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

අදාල පහරදීමෙන් නිවාස හතරෙම කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදු නොවුනද නිවාසයන්හි තිබූ යතුරු පැදි, පාපැදි, සන්නිවේදන උපකරණ, දොර ජනෙල්, ආදී උපකරණ වෙතට දැඩි හානි සිදුව ඇති බවට අනවාරනය වී ඇත.

ආවා කල්ලියේ අශෝකන් නැමත්තා මේ දින වල සැගවී ඇති අතර ඔහු සෙවීමේ පොලිස් පරික්ෂණ සිදුවන අතරවාරයේ මෙම පහරදීම සිදුව ඇති අතර ආවා කල්ලිය හෝ ධනු රොක් කල්ලිය අතර පවතින ගැටුම හේතුවෙන් මෙම පහර දීම ධනු රොක් කල්ලියේ පහරදීමක් බවට පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය සැක පල කොට සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

+++++++++++++++++++++++++++++++

30.07.2018

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *