මත්තල ගුවන්තොටුපල ගැන විවිධ අදහස්

(30.07.2018 – 19:53 +0530 – hirunews.lk/sinhala)

මත්තල ගුවන්තොටුපලේ මෙහෙයුම් පැවරීම සම්බන්ධයෙන් ඉන්දියාව සමග රාජ්‍ය මට්ටමින් සාකච්ඡා සිදු නොවන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් සහ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලනඥයින් කිහිප දෙනෙකු අදත් විවිධ අදහස් පළ කළා.

************************************

නව මැතිවරණ ක්‍රමය සම්මත වනතුරු පැරණි ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය හැකියි – හිටපු ජනපති
(30.07.2018 – 19:49 +0530 – hirunews.lk/sinhala)

නව මැතිවරණ ක්‍රමය සම්මත වනතුරු පැරණි ක්‍රමය බලාත්මක බැවින් එම ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පැවැත්විමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට බලය ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ කොළඹ විජේරාමේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අම්බලන්ගොඩ නගර සභාවට තේරී පත්වූ මන්ත්‍රිවරයෙකු දිවුරුම් දීම අද හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඉදිරියේ සිදු කෙරුණා

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *