කටුනායක ගුවන් තොටුපළ අවට සරුංගල් යැවීම තහනම්

(30.07.2018 – 14:43 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන් තොටුපළ ප්‍රදේශයේ කිලෝමීටර් 5 ක් පමණ වට ප්‍රමාණය තුළ සරුංගල් යැවීම තහනම් කර තිබෙනවා.

ගුවන් තොටුපළ මාධ්‍ය ඒකකය නිවේදනය කළේ සරුංගල් හා එහි නූල් පැටලීමෙන් ගුවන් යානාවල අවර පෙතිවලට හා යානාවල විවිධ කොටස්වලට හානි සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

එම ප්‍රදේශවල සරුංගල් යැවීම නීති විරෝධී සහ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් සදහන් කරන්නේ ෴

*************************************

කෑගල්ලේ වෙළඳසලක හදිසි ගින්නක්
(30.07.2018 – 17:39 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල මීපිටිය ප්‍රදේශයේ පිහිටි මහල් තුනකින් සමන්විත වෙළෙද සැලක ඉහල මහලේ අද (30) දහවල් ඇතිවූ ගින්නකින් එහි තිබු වෙළඳ උපකරණ සියල්ල විනාශ වී තිබෙනවා.

පැය තුනකට ආසන්න කාලයක් පුරා ප්‍රදේශවාසින් සහ පොලිසිය එක්ව ගින්න සම්පුර්ණයෙන් නිවා දැමිමට කටයුතු කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඒ සදහා කෑගල්ල නගර සභාවේ ජල බවුසර් 2 ක් යොදා ගෙන තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

කෙසේ නමුත් ජනතාව පවසන්නේ කෑගල්ලේ ගිනි ගැනිමේ අවස්ථාවන් වල මාවනැල්ලේ ප්‍රාදේශිය සභාවේ ගිනි නිවන රථය ප්‍රයෝජනයට ගත් අතර එයද මෙ වන විට නඩත්තු කටයුතු වලට යොදවා ඇති බැවින් මෙවැනි හදිසි අවස්ථාවන් වලදි ප්‍රායෝජනය ගැනිමට කෑගල්ල නගර සභාවට ගිනි නිවන රථයක් අවශ්‍ය වන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *