උතුරට එපා කියන යුද හමුදාවෙන් කිලිනොච්චියේදී පින් පිරෙන වැඩක්..

(30.07.2018 – 17:30 +0530 – lankacnews.com)

කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයන්හි නැවත පදිංචිව සිටින වැසියන් වෙනුවෙන් නොමිලේ වෛද්‍ය සායනයන් පැවත්වීමට පියවර ගෙන ඇත.

එහි එක් පියවරක් වශයෙන් කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් නිශ්ශංක රණවන මහතාගේ උපදෙස් පරිදි 66 වන සේනාංකෙයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක මහතාගේ අධීක්ෂණයෙන් එම බල ප්‍රදේශයට අයත් ජය පුරම් විද්‍යාලයේදී දන්ත වෛද්‍ය සායනයක් හා බෝ නොවන රෝග පිළිබඳ සායානයක් නොමිලේම එම වැසියන් වෙතට ලබා දීමට පියවර ගෙන තිබුණි.

මෙම වෛද්‍ය සායනයන් වෙනුවෙන් ප්‍රදේශයේ නැවත පදිංචි වැසියන් විශාල පිරිසක් පැමිණ ප්‍රතිකාර ලබා ගත් අතරම වෛද්‍ය සායනයන් වෙනුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්ක මහ රෝහලේ වෛද්‍ය කුමාරවේල්, වෛද්‍ය මධුවන්ති, වෛද්‍ය බාලකුමාර, වෛද්‍ය හම්ලට්, වෛද්‍ය උපේකා, වෛද්‍ය රුසිරු, වෛද්‍ය දමින්ද යන වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලය සහභාගි වෙමින් නොමිළේම සිය සේවය ලබා දෙන ලදි.

පසුගිය දිනයන්හි කිලිනොච්චිය ඇතුලු උතුරු පලාතෙන් යුද හමුදාව ඉවත්විය යුතු බවට දෙමළ දේශපාලඥයින් විරෝධතා පැවත්වුවද උතුරේ යුද හමුදාව විසින් සාමාන්‍ය වැසියන් වෙනුවෙන් සිදු කරන සත්කාරයන් සියල්ලක්ම සිදු කරමින් පවති ෴

***************************************

කම්කරු නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි
(30.07.2018 – 21:36 +0530 – lankadeepa.lk)

අල්ලස් ගත් බව කියමින් කම්කරු නිලධාරීන් දෙදෙනකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට විරෝධය දැක්වීම සඳහා දිවයින පුරා සේවය කරන සියලුම කම්කරු නිලධාරීන් අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට කම්කරු විනිශ්චය සභාවේ නඩු කටයුතු වලට සහභාගී නොවීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරී සංගමයේ සභාපති කියයි.

නුවරඑළිය කම්කරු විනිශ්චය සභාවේ පැවැති නඩු කටයුත්තකට සහභාගි වූ කම්කරු නිලධාරීන් දෙදෙනකුට ඔවුන්ට හිමි බටා මුදල් ලබා ගනිද්දී ඒවා අල්ලස් ලෙස අර්ථකථනය කරමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (30) අත්අඩංගුවට ගෙන ඇති බවද එය නීති විරෝධී අත්අඩංගුවට ගැනීමකැයිද රාජ්‍ය සේවා කම්කරු නිලධාරී සංගමයේ සභාපති ඉරේෂ් චින්තක ගමගේ මහතා ‘ලංකාදීප’යට පැවැසීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *