ඒ 321 එයාර් බස් ගුවන් යානය රැගෙන ඒමේ පිටුපස කොමිස් මුදල් තියෙනවා

(30.07.2018 – 23:02 +0530 – sinhala.adaderana.lk)

ඒ 321 එයාර් බස් ගුවන් යානය රැගෙන ඒමේ පිටුපස කොමිස් මුදල් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභික වසන්ත සමරසිංහ මහතා කියයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුතින් එක් කරන ලද ඒ 321 එයාර් බස් රථය රැගෙන ඒම පිටුපස විශාල කොමිස් මුදලක් ලැබි ඇති බව අන්තර් සේවක සංගමයේ සභාපති හා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභිත වසන්ත සමරසිංහ මහතා පැවසිය.

වසන්ත සමරසිංහ මහතා ඒ බව කියා සිටියේ රට රකින,රට හදන ,ජනතාවාදි පාලනයක් යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ මගින් රට පුරා පවත්වන ජන හමුවේ නුවරඑලිය දිස්ත්‍රීත්තකයේ පළමු රැස්විම අමතමිණි.

මෙම රැස්විම අද (30) පස්වරුවේ ගිනිගත්හේන සමුපකාර සම්මන්ත්රිණ ශාලාවේදි පැවැත් විණ.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ ඉකුත් රජය සමයේ ගුවන් යනා නිෂ්පාදිත සමාගමකට ඇණවුම් කර තිබු ගුවන් යානයක ගිවිසුම වත්මන් රජය මගින් අවලංගු කල බවයි.

එම ගිවිසුම අවලංගු කිරිම සදහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ජනතා මුදල් රුපියල් කොටි 175 ක පමණ මුදලක් එම සමාගමට ගෙවා ඇති බවද ඒ මහතා පැවසිය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුතින් ගුවන් යානයක් අවශ්‍ය නම් ඉකුත් රජය මගින් ඇණවුම් කල ගුවන් යානයක් මිල දි ගැනිමට හැකියාව තිබියදි , එය අවලංගු කර පැය තුනක් වැනි කෙටි කාලයක ගුවන් ගමන් සඳහා ඒ 321 වර්ගයේ නව ගුවන් යානයක් මිල දි ගැනිම පිටුපස විශාල කොමිස් මුදලක් එම ගුවන් යානය මෙරටට ගෙන්විමට කටයතු කල අයට ලැබි ඇති බවද ඔහු පවසයි.

ඉන්ධන මිල වැඩි කිරිමේ මිල සුත්‍රය අනුව යලිත් වතාවක් ඉන්ධන මිල වැඩි වෙන බවත්, එසේ ඉන්ධන මිල වැඩි විමේ වාසිය මෙරට පෞද්ගලික ඉන්ධන සමාගමක් විසින් ලබා ගන්නා බවත් එ මහතා පවසයි.

මෙරට තුල දවසින් දවස අලුත් අලුත් මතෘකා ගෙන එමින් වත්මන් රජය රට පාලනය කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය ෴

************************************

සිංහලෙන් කතාකළ වරදට මිලානෝහිදී ශ‍්‍රී ලාංකිකයාගේ අතපය කඩයි
(27.07.2018 – 11:48 +0530 – lankadeepa.lk)

ජුලි මස විසි හතරවැනිදා මිලානෝ නගරයේ වීදියක තම ඡංගම දුරකථනයෙන් සිංහලෙන් කතාකරමින් ගමන් කරමින් සිටි ශ‍්‍රී ලාංකිකයකුට සිංහලෙන් කතාව නොරිස්සූ ඉතාලි ජාතිකයකු විසින් පහරදී, අතපයට බරපතල හානි සිදුකර ඇති බව මිලානෝ පොලිස් මුලස්ථානය වාර්තා කරයි.

පොලිස් වාර්තාවට අනුව, ජුලි මස විසි හතරවැනිදා පස්වරු එකයි තිහට පමණ මිලානෝ නගරයේ වීදියක ඡංගම දුරකථනයෙන් සිංහලෙන් කතාකරමින් ගමන් කරමින් සිටි හතළිස් දෙහැවිරිදී ශ‍්‍රී ලාංකිකයකුට, සිංහලෙන් කතාව නොරිස්සූ ඉතාලි ජාතිකයකු විසින් සිංහල කතාව නතර කරන ලෙස පිහියක් පෙන්වා තර්ජනය කර ඇත.

මෙම අවස්ථාවේ තර්ජනකරු නිරායුධ කිරීමට දැරූ උත්සහයේදී ශ‍්‍රී ලාංකිකයා බිම ඇදවැටී ඇත. මෙම අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් කළහකරු ශ‍්‍රී ලාංකිකයා මතට පැන පහරදී, අතට සහ පාදයකට බරපතල හානි සිදුකර පලාගොස් ඇත.

පසුව පොලීසිය සහ ගිලන්රථ සේවා මැදහත්වීමෙන් තුවාලකරු මිලානෝ නගරයේ ප‍්‍රධාන රෝහලකට ප‍්‍රථමාධාර සඳහා ඇතුළත් කර ඇති අතර, සිද්ධිය දුටුවන්ගේ සාක්කි මත පහරදුන් ඉතාලි ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත. මොහු නාපෝලි ප‍්‍රදේශයේ කසෙර්තා නගරයේ පදිංචි පනස් හැවිරිදී පුද්ගලයකු බව හෙළිවී ඇත.

පහරකෑමට ලක්වූ ශ‍්‍රී ලාංකිකයාගේ එක් අතක වැලමිටේ සහ පාදයක දණහිස කටු පුපුරා ගොස් ඇති බැවින් දින හතළිහක කාලයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවීමට සිදුව ඇති අතර, පහර දුන් ඉතාලි ජාතිකයා ඇප මත මුදාහැර ඇති බව මිලානෝ පොලිසිය වැඩි දුරටත් කියයි.

(කල්ප ගුරුගේ මිලානෝ සිට)

+++++++++++++++++++++++++++++++++++++

Ravi (Saturday, 28 July 2018 12:26 AM)

තමන්ගේ භාෂාව කතා කරන්න සෑම කෙනෙකුටම මූලික අයිතිවාසිකමක් තිබෙනවා. ඒත් විදේශයන්හි වාසය කරන සමහර ලංකාවේ උදවිය ඉරිදා පොලේ එළවලු විකුණන්න වගේ කෑගසමින් පොදු ස්ථානවල කතා කරන්නේ… මම ඕස්ට්‍රේලියාවේ සංචාරය කරනකොට මෙල්බර්න් නගරයේ බස් රථයක් තුළ මහා හයියෙන් ලංකාවේ ගෙදරට කතා කරන කාන්තාවක් දැක්කා. ඒ බස් රථයේ ඕස්ට්‍රේලියානු මිනිසුන් පොත් කියවමින්, නිහඬව ජංගමදුරකථන පණිවිඩ කියවමින් කාටවත් හිරිහැරයක් නොකර ගමන් කළා. කතා බස් කරමින ගිය ඇතැම් උදවිය ඉංග්‍රීසි නොවන භාෂාවලින් අඩු ශබ්දයක් නගා අවට උදවියට ශබ්දයෙන් බාධා නොවන සේ තමයි කතාකලේ. හපොයි ඒකට අර කාන්තාව? මට මතකයි බසයේ රියදුරා පවා මේ ගාලගෝට්ටි දුරකථන සංවාදය මොකක්දැයි සැලකිලිමත් වුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *