ඔන්චිල්ලාවේ ලණුවට ගෙල සිරවීමෙන් පාසල් සිසුවෙක් මරුට

(01.08.2018 – 09:43 +0530 – hirunews.lk/sinhala)

මුලංකාවිල්, අම්බපුරම් ප්‍රදේශයේදී ගෙළ සිරවීමෙන් වයස අවුරුදු 13ක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාල දරුවා සෙල්ලම් කරමින් සිටින අවස්ථාවක සිය නිවස ඉදිරිපිට පේර ගසක ගැට ගැසූ රෙදි පටියකින් සෑදූ තොණ්ඩුවක් බෙල්ලට දමාගෙන ගසෙන් බිමට පැන ඇති බව සඳහන්.

එම අවස්ථාවේදී ගෙල සිරවීමෙන් බරපතල තත්වයේ පසුවූ දරුවා මුලංකාවිල් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ (31) දහවල් සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ රාජේන්ද්‍රන් තුහකරන් නැමැති දරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මුලංකාවිල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

***************************************

බදු පැනවීම හැර ආණ්ඩුවට විකල්පයක් නෑ – හිටපු ජනපති
(01.08.2018 – 19:47 +0530 – hirunews.lk/sinhala)

සියල්ලටම බදු පැනවීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නොමැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කඩවත පැවති පුණ්‍යෝත්සවයකදී හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළකළා.

කඩවත ඉහළ බියන්විල ශ්‍රී සෝමවර්ධනාරාමයේ ප්‍රතිසංස්කරණය කෙරුණු බුදුමැදුර සඟ සතු කිරීම අද පස්වරුවේ සිදුවූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින්.

**********************************

කථානායක පක්ෂග්‍රාහී බව ඒකාබද්ධය කියයි
(01.08.2018 – 19:22 +0530 – hirunews.lk/sinhala)

කථානායකවරයා පාර්ලිමේන්තුව තුළ පක්ෂග්‍රාහීව කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව කියා සිටියා.

එම පෙරමුණේ සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ද එම මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කථානායකවරයාගේ ස්ථාවරය පිළිගත නොහැකි බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *