බැංකුවකින් මුදල් කොල්ලකෑ පුද්ගලයෙකු මාට්ටු

(02.08.2018 – 09:34 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය බැංකුවකින් මුදල් කොල්ල කෑ පුද්ගලයෙකු ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ගල්කිස්ස, ගාලු පාර ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවකට පැමිණ එහි සිටි නිලධාරිණියකට රුපියල් දහසේ නෝට්ටුවක් ලබාදී එය මාරු කර දෙන ලෙසට පවසා තිබේ.

පසුව ඔහු අදාළ කවුන්ටරයට ඉහළින් එම නිලධාරිණිය සිටින ස්ථානයට ගොස් රුපියල් 15,000 ක මුදලක් කොල්ල කා පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.

පසුව ගල්කිස්ස පොලීසිය සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරු සහ කොල්ල කෑමට පැමිණි මෝටර් රථයද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව, සමරපාල මාවත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය ෴

***********************************

කළුතර කර්මාන්ත ශාලාවේ හට ගත් ගින්න නිවයි
(01.08.2018 – 21:18 +0530 – sinhala.adaderana.lk)

උතුරු කළුතර, පැල්පොළ මානාන ප්‍රදේශයේ පිහිටි පුද්ගලික සමාගමකට අයත් ගෘහ භාණ්ඩ නිෂ්පාදන ආයතනයක හදිසි ගින්නක් හටගෙන ඇති බව පොලීසිය පවසයි.

ගින්න මැඩපැවත්වීම සඳහා හොරණ සහ කළුතර, බණ්ඩාරගම ගිනි නිව්මේ ඒකකවල රථ හා උතුරු කළුතර පොලීසිය මෙන්ම ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මේ වන විට ගින්න සම්පුර්ණයෙන් මැඩපවත්වා ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙම ගින්න හේතුවෙන් කර්මාන්ත ශාලාවේ එක් සේවකයෙකු සුළු තුවාල ලබා ඇති අතර තවත් සේවකයින් පස්දෙනෙකු ගින්නෙන් ඇතිවූ දුම ආග්‍රහණය විමෙන් ඇති වූ ස්වසන අපහසුතාව හේතුවෙන් හොරණ රෝහලට කර ඇති බව වාර්තා වෙයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිදුවු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *