‘ජනබල සේනා’ අද (02) කොළඹට

(02.08.2018 – 07:45 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවේ වත්මන් වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජනබල සේනා විරෝධතාව සහ ජන රැළිය කොළඹදී අද (02) පැවැත්වෙනවා.

පස්වරු දෙකට ලිප්ටන් වටරවුමෙන් ආරම්භවන විරෝධතා රැළිය විහාරමහාදේවි උද්‍යානය දක්වා ගමන් කර එහිදී විරෝධතා රැලියක් පැවැත්වීමටද සැළසුම් කර ඇති බවයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළේ.

මෙම විරෝධතාව සහ ජන රැළිය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් ඊයේ පස්වරුවේ කොටුව – දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනකට ද නිරත වුණා ෴

+++++++++++++++++++++++++++++++++

(sinhala.adaderana.lk)

“රට වනසන, රට පාවාදෙන, වැඩ බැරි පරගැති ආණ්ඩුව වහා පලවාහරිමු” යන තේමාව යටතේ එය සංවිධානය කර තිබේ.

+++++++++++++++++++++++++++++++++

කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක්
(02.07.2018 – 15:51 +0530 – hirunews.lk/sinhala)

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ආණ්ඩුවේ වත්මන් වැඩපිළිවෙලට විරෝධය පළ කරමිනුයි ඒකාබද්ධ විපක්ෂය මෙම විරෝධතාව සංවිධාන කර ඇත්තේ.

ඒ “ජනබල සේනා” නමින්.

ලිප්ටන් වටරවුමෙන් ආරම්භ වූ විරෝධතා රැළිය මේ වන විට විහාරමහාදේවි උද්‍යානය දක්වා ගමන් කරමින් පවතිනවා.

එහිදී විරෝධතා රැලියක් පැවැත්වීමටද සැළසුම් කර ඇති බවයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළේ.






++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++

ආණ්ඩුව රට හමුදාකරණය කරමින් සිටිනවා – හිටපු ජනපති කියයි
(02.08.2018 – nethnews.lk)

රට හමුදාකරණය කිරීමේ පළමු පියවර මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන පරීක්ෂණ කිරීමේ බලය හමුදාවට ලබාදීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හමුදාවට පොලිස් බලය ලබාදීමට විරෝධය පළකරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ “ජන බල සේනා” ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කළ විරෝධතා ජන රැළිය අමතමිනි.

“හමුදාවට කුඩු ගැන පරීක්ෂණ කරන්න බලය දෙනවා අද. හෙට මිනීමැරුම් වැඩියි කියලා මිනීමැරුම් ගැන. අනිත් දවසට පවුල් ආරවුල් වැඩියි කියලා පවුල් ආරවුල් බේරන්නත් හමුදාවට බාර දෙයි. මේක තමයි හමුදාකරණය කිරීමේ පළමු පියවර,” එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පසු පෙළ මන්ත්‍රීවරුන් මෙම වැඩපිළිවෙලට ඉඩදෙනවා දැයි මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රශ්න කළා.

හිටපු ජනාධිපතිවරයා එසේ විවේචනය කරනු ලැබුවේ මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම වඩාත් සාර්ථකව සිදු කිරීමටනම් යම් නිශ්චිත කාලයක් සඳහා, නීතිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන ඇතැම් බලතල හමුදාව වෙත පැවරෙන පරිදි මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ විශේෂ විධිවිධාන පනතක් කෙටුම්පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවට පසුගියදා කළ ප්‍රකාශයයි.

විපක්ෂය මර්ධනය කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බව චෝදනා කළ හිටපු ජනාධිපතිවරයා වංචා හා දුෂණ විමර්ශනයට පිහිටුවා ඇති විශේෂ අධිකරණයට එරෙහිව විනිසුරුවරුන්ම කතා කරනා බව පෙන්වා දුන්නා.

තමන් නැවත බලයට පත්වූවිට ආපසු ලබා ගන්නා බැවින් වත්මන් ආණ්ඩුව විකුණන කිසිදු දේපලක් ලබා නොගන්නා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියා ෴

++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *