බදු නැංවීමෙන් දුම්කොල සමාගමට රු. මිලියන 4000 ක අමතර ආදායමක්

(02.08.2018 – 13:10 +0530 – hirunews.lk/sinhala)

දුම්වැටි මිල ඉහළ දැමීමෙන් රුපියල් මිලියන 4,000 ක අමතර ආදායමක් බ්‍රිතාන්‍ය – ඇමරිකා දුම්කොළ සමාගම වෙත ලබාදී ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය චෝදනා කරනවා.

පසුගිය වසර කිහිපයේ දුම්වැටි මිල ඉහළ දැමූ ආකාරය සැළකීමේදී එය දුම්කොළ සමාගමට වාසිදායක අයුරින් සිදුවී ඇති බවයි එහි විධායක අධ්‍යක්‍ෂ පුබුදු සුමනසේකර මහතා කියා සිටියේ ෴

************************************

වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් මහාචාර්ය කොල්වින් ගුණරත්න ඉල්ලා අස්වෙයි
(02.08.2018 – 13:05 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්වූ බව මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පවසනවා.

ඊට අදාළ ලිපිය මේ වනවිට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත යොමුකර ඇති බවයි මහාචාර්යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනතේ පවතින අඩුපාඩු හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවද ඔහු කියා සිටියා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් දෙවනදා මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස පත් වූයේ එතෙක් එහි සභාපති ධූරය දැරූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සේවා කාලය අවසන් වීමෙන් පසුවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *