පොතුවිල් මුහුදු විහාරයේ නටඹුන් විනාශ වෙයි

(02.08.2018 – 16:35 +0530 – sinhala.adaderana.lk)

ඓතිහාසික වටිනාකමින් යුත් පොතුවිල් මුහුදු මහා විහාරයේ නටඹුන් කිසියම් පිරිසක් විසින් විනාශ කර දමා තිබේ.

විහාරාධිපති පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි හිමියන් පවසන්නේ මේ සම්බන්ධයෙන් කිසිදු බලධාරයෙකු මෙතෙක් අවධානය යොමුකර නොමැති බවයි.

ෙපොතුවිල් ප්‍රදේශයට ඇති එකම බෞද්ධ විහාරස්ථානයවන පොතුවිල්, මුහුදු මහා විහාරය වටිනා ඓතිහාසික නටඹුන් රැසකින් සමන්විත විහාරස්ථානයක්.

මෙහි දැනට ඉතිරිව ඇති නටඹුන් වසර කිහිපයක සිට ප්‍රදේශයේ කිසියම් පිරිසක් විසින් මෙලෙස විනාශ කර දමන බවට වාර්තා වෙයි.

පොතුවිල්, මුහුදු මහා විහාරයේ විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි හිමියන් පවසන්නේ මේ විනාශය සම්බන්ධයෙන් බලධාරීන් කොතෙකුත් දැනුවත් කළද කිසිවෙකුගේ අවදානය ඊට යොමුවී නොමැති බවයි.

මේ අතර මීට දින 3 කට පෙර විහාර භූමිය සමීපයේ ස්ථාපිත කර තිබූ තෙල් හිඳීමට අතීතයේ යොදාගත් සෙක්කු ගලක්ද කිසියම් පිරිසක් විසින් පුළුස්සා විනාශ කරදමා තිබේ.

*****************************************

18 සන්නියට මුද්දර 18 ක්
(02.08.2018 – 16:03 +0530 – lankadeepa.lk)

ශ්‍රී ලංකාවේ ශාන්තිකර්ම ගණයට ගැනෙන 18 සන්නියෙහි වෙස් මුහුණු හා අවස්ථා නිරූපණය කරමින් මුද්දර 18 ක් හා සිහිවටන පත්‍රිකා තුනක් නිකුත් කිරීමට මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත.

රෝග දහ අටකට අධිපති රෝගකාරක යක්ෂයින් පලවාහැරීම දහ අට සන්නියෙන් සිදු වන බව ජන විශ්වාසයයි.

මෙම මුද්දර නිර්මාණ කරනු ලැබ ඇත්තේ මුද්දර නිර්මාණ ශිල්පී කුමුදු තාරක විසිනි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *