කහ ඉරෙන් පාර මාරු වූ සිසුවා වෑන් රථයක ගැටෙන අයුරු CCTV කැමරාවේ සටහන් වෙයි

(03.08.2018 – 16:51 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල,මැදගම ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ පාසල් සිසුවෙකු උඩුගම මුලික රෝහල ඇතුලත් කර තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ගාල්ල,මැදගම ආදර්ශ විද්‍යාලයේ සිසුවෙක්.

එම සිසුවා කහ ඉර මතින් අපරික්ෂාකාරීව පාර මාරු වීමට උත්සහ කල අවස්ථාවේ මොරවක දෙස සිට නෙළුව දෙසට ධාවනය වු වෑන් රථයක ගැටී තිබෙනවා.

අනතුර පිලිබඳව නෙළුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මේ අතර එම අනතුර පාසල අසල වෙළඳ සැළක සවි කර තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණා.

එම වීඩියෝව පහතින් :

*************************************

මෝදර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට
(03.08.2018 – 13:52 +0530 – hirunews.lk/sinhala)

මෝදර – මුතුවැල්ල මාවතේ අද (03) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල් ගතකළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ 62 හැවිරිදි ගෝපාල් පිල්ලේ බාලචන්ද්‍රන් නැමැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා.

ඔහු, පූකුඩුකන්නා නැමැති සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට සම්බන්ධ පුද්ගලයෙකුගේ පියා බවට අනාවරණ වී තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට පැමිණි පුද්ගලයින් මෝදර වැල්ල ප්‍රදේශය හරහා පළා ගිය බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෝදර පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා.

මීට පෙර මට්ටක්කුලිය සහ මෝදර යන ප්‍රදේශවල සිදුවූ ඝාතන කිහිපයක් සහ මෙම සිද්ධිය අතර සම්බන්ධයක් ඇති බවට පොලීසිය සැක පළ කරනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *