වෛද්‍යවරුන් පමණක් රැකෙන වෛද්‍ය ආඥා පනත

(03.08.2018 – 21:23 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට රෝගීන් ආරක්ෂා කිරීම සඳහා වෛද්‍ය ආඥා පනතෙන් නෛතික ප්‍රතිපාදන තිබුණත් එමගින් ආරක්ෂා වන්නේ වෛද්‍යවරුන් පමණක් බව මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පවසනවා.

මහාචාර්යවරයා අද (03) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිධුරයෙන් තමා ඉල්ලා අස්වීමට හේතු පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරිම සඳහායි.

+++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++

වෛද්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා
(03.08.2018 – 19:09 +0530 – sinhala.adaderana.lk)

ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියකින් තොරව සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීම ඇතුළු කරුණු 10 ක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (03) වැඩ වර්ජනයක නිරත වුණි.

මේ හේතුවෙන් දිවයිනේ බොහෝ රෝහල්වල බාහිර රෝගී අංශ හා සායන නිසි පරිදි සිදු නොවූ අතර ප්‍රතිකාර ගැනීමට පැමිණි සිටි රෝගීන් ද දැඩි අපහසුතාවට පත්ව සිටිනු දක්නට ලැබුණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8.00 සිට දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළේ කරුණු 10 ක් මුල්කරගනිමින්ය.

අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියකින් තොරව සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම වැනි ගිවිසුම් අත්සන් තැබීම හා නව දේශීය ආදායම් පනත හරහා වෛද්‍යවරුන්ට හා පොදුවේ වෘත්තීයවේදීන්ට එල්ල වී ඇති අහිතකර බලපෑම් පිළිබඳව සිය සංගමය ඉදිරිපත් කළ සංශෝධන සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම ඇතුළු තවත් කරුණු 08 ක් ඊට අයත්ය.

කෙසේ වෙතත් ඇතැම් රෝහල්වල බාහිර රෝගී අංශ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරුණි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දියත් කළ වැඩවර්ජනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසන්නේ මෙම වැඩවර්ජනය කිසිසේත් සාධාරණ නොවන බවයි.

වැඩවර්ජනයට එක් හේතුවක් ලෙස දක්වා ඇති වෛද්‍යවරුන් ගෙන් අය කෙරෙන ආදායම් බද්ද සියයට 24 දක්වා වැඩි කළ බවට වන චෝදනාව අසත්‍ය බව ද එම නිවේදනයේ දැක්වෙයි.

ආදායම් බද්ද සියයට 24 දක්වා අයකර ගනු ලබන්නේ මාසිකව රුපියල් 350,000 කට වඩා වැඩි ආදායමක් ලබන වෛද්‍යවරුන්ගෙන් පමණක් බව ද එහි සඳහන්ය.

වර්ජනයට තවත් හේතුවක් ලෙස දක්වා ඇති පෞද්ගලික රෝහල් සඳහා පනවා ඇති සියයට 15ක වැට් බද්ද පසුගිය මාසයේ සිට ඉවත් කර ඇති අතර ඒ පිළිබදව සෞඛ්‍ය සේවාවේ ප්‍රමුඛ වෘත්තිය සමිතියක් නොදැන සිටිම කණගාටුවට කරුණක් බව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් පවත්වමින් වර්ජනයට බලපෑ කරුණු පිළිබඳ පැහැදිලි කළේය.

*************************************

බුද්ධ ශාසනයට එරෙහි තර්ජන තවමත් පහව ගොස් නැති බව හිටපු ජනපති කියයි
(03.08.2018 – 19:15 +0530 – hirunews.lk/sinhala)

බුද්ධ ශාසනයට එරෙහිව නැගෙන තර්ජන තවමත් පහව ගොස් නැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කුරුවිට – එරත්න – ලස්සකන්ද සමන්තභද්‍රාරාමයේ අද (03) පැවති ආගමික උත්සවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *