යාපනයේ ඇතිවී තිබෙන බිහිසුණු තත්ත්වයෙන් ජනතාව බේරා ගන්න : දිසාපති ආරක්ෂක ප්‍රධානින් ගෙන් ඉල්ලයි

(04.08.2018 – nethnews.lk)

යාපනය ප්‍රදේශයේ හදිසියේ ඇතිවී තිබෙන බිහිසුණු වාතාවරණය නිසා සාමාන්‍ය ජනතාව බියට පත්ව සිටින හෙයින් වහාම එම තත්ත්වය මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් ඊයේ (03) වනදා යාපනය දිසාපති කාර්යාලයේ පැවති සිවිල් ආරක්ෂක කමිටු රැස්වීමේදී පවසා සිටියා.

කඩු කිනිසි රැගෙන මහජනතාව බිය වද්දමින් ක්‍රියා කරන විවිධ කණ්ඩායම් නිසා යාපනයේ සාමය අගයන හා නිදහසේ ජීවත්වීමට කැමති අසරණ ජනතාවට මේ දිනවල අනිසි බියකට මුහුණ පෑමට සිදුව ඇති නිසා සිවිල් ආරක්ෂක කමිටු යාපනයේ සෙසු ආරක්ෂක අංශ වෙත පූර්ණ සහය ලබා දිය යුතු බවද යාපනයේ දිසාපතිවරයා මෙහිදී කියා සිටියා.

ඉතා අවාසනාවන්ත ලෙස හටගෙන තිබෙන මේ තත්ත්වය ඉතාම ඉක්මනින් මර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යාපනයේ ඉහලම ආරක්ෂක ප්‍රධානීන් ගෙන් තමන් ඉල්ලා සිටි බවත් ඒ පිරිස් සමග මේ පිළිබදව සාකච්ඡා කළ බවත් යාපනය දිසාපතිවරයා මෙහිදී කියා සිටියා.

විශේෂයෙන්ම යාපනයේ හටගෙන ඇති මේ අවාසනාවන්ත තත්ත්වය හමුවේ සාමාන්‍ය ජනතාවට හානියක් හිරිහැරයක් නොවන අන්දමට කටයුතු කිරීමට උදව් උපකාර කිරීම සිවිල් ආරක්ෂක කමිටු වල ඇති වගකීමක් බවද දිසාපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

දිනසේන රතුගමගේ – වවුනියාව

***********************************

D. Minister Buddhika Pathirana Reveals the Unpleasant Truth about Ambassador for Qatar ASP Liyanage

02.08.2018

කටාර් වල පිහිටි ශ්‍රී ලංකා පාසල බලහත්කාරයෙන් අත්පත් කර ගත් බවට චෝදනා එල්ලවන, එරට ශ්‍රී ලංකාවේ තානාපති ඒ. එස්. පී. ලියනගේ සම්බන්ධයෙන්; කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් තීරණාත්මක කාරණා එළිදරව් කිරීමක් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *