ගම්පොල රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට (විඩියෝ)

(04.08.2018 – 09:38 +0530 – hirunews.lk/sinhala)

ගම්පොල – දොළොස්භාගේ මාර්ගයේ, වෙලගෙදර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාල කාන්තාව පුද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

බස් රථය බස් නැවතුම්පොළේ නැවැත්වීමෙන් අනතුරුව මෙම කාන්තාව ඉන් බැස, බස් රථය ඉදිරියෙන් මාර්ගය හරහා මාරුවීමට උත්සහ දරා තිබෙනවා.

එම අවස්ථාවේදී ඇය බස් රථයේ ඉදිරියේ ගැටී ඇති බව සදහන්.

පොලිසිය වැඩිදුරටත් පවසන්නේ අනතුරෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව ගම්පොල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි.

ඊයේ (03) සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ කුඩුගල ජනපදය, වැටකේදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

******************************************

මේ රටේ වැඩිපුරම ලේ දන් දෙන්නේ සිංහලයන්…
(04.08.2018 – 08:10 +0530 – lankacnews.com)

යුද්දය අවසන් වී රට සාමකාමී මාවතකට පිවිසි අවස්ථාවේදී උතුරු මහ ඇමතී සී.වී.විග්නේෂ්වරන් බොරු කතා කියමින් අන්තවාදී පිලිවෙතක් අනුගමනය කරන බවට උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා කියා සිටියේය.

ආණ්ඩුකාරවයා මේ බව කියා සිටියේ සුජාත දරුවෝ සංකල්පය යටතේ පාසල් දරුදැරියන්ගේ ගුණාත්මක අධ්යාපනය වර්ධනය කිරීමේ අරමුණින් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ලක් පොළොන්නරුව නුගගහදමන මුස්ලිම් කනිෂ්ඨ විද්යාලයට උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ සුරතින් ප්‍රධානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

ළමුන් 115කින් ආරම්භ කල නුගගහදමන මුස්ලිම් කනිෂ්ඨ විද්යාලයේ මේ වනවිට 1 වසරේ සිට 11 වසර දක්වා පංති පැවැත්වෙන අතර මෙම දෙමහල් ගොඩනැගිල්ල ලබාදීම තුලින් දරුවන්ගේ අධ්‍යාපනයට මහත් පිටිවහලක් ලැබිණ.

එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරතුමා,

‘‘දැන් විග්නේෂ්වරන් මහතා අන්තවාදී කතා කියනවා යුද්ධය අවසන් වී දුක් විඳි මිනිස්සු මේ රට සාමකාමී වී එන විට එය අවුල් කිරීමට බොරු කතා කියනවා. උතුරේ පන්සල් හදන්න එපාලු. නමුත් දකුණේ පන්සල් පල්ලි හැදුවට කාගේවත් ප්‍රශ්නයක් නැහැ. අපේ පන්සල් ඇතුලේ හින්දු දෙවිවරු වඩම්මවා ගෙන ඇවිත් තියෙනවා. එවගේම කුඩු අපිට පටවන්නේ පිටරටින්, ඒ තුලින් අපිට අපේ දරුවෝ නැති වෙනවා. සමාජය දූෂණය වෙනවා, සමාජය වැරදි මගට යොමු වෙනවා, මෙය නිවැරදි කරන්න අපි එඩිතරව කටයුතු කරන්න ඕන.

ලංකාවේ අනාගතය පවතින්නේ දැනුම හා අධ්‍යාපනය තුලින්. මේ ලෝකේ සියලුම සත්ත්වයන්ගෙන් උතුම්ම සත්ත්වයා තමයි මිනිසා. අධ්‍යාපනය සඳහා උනන්දුවක් ඇතිවෙන කොට ආර්ථීක දියුණුව විතරක් නෙමෙයි ජාතීන් අතර ආගම් හා කුලභේද මේ සියල්ල නැති වෙනවා. මේ ලෝකේ තියෙන උතුම්ම වස්තුව රත්තරන් මුතු මැණික් ඉඩකඩම් නොවෙයි. දැනුම තමයි තියෙන උතුම්ම වස්තුව. අප ලබාගන්නා දැනුම කිසි කෙනෙකුට හොරකම් කරන්න බැහැ, මේ ලංකාව දියුණු කිරීමට අපහසු වී ඇත්තේ ජාතීන් අතර ඇති අසමඟිකම් නිසා. මැද පෙරදිග රටවල පවා දියුණු වීම අඩාල වී ඇත්තේ අසමඟිය නිසා. මේ රටේ වැඩිපුරම ලේ දන් දෙන්නේ සිංහල මිනිස්සු. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දර්ශනය ජාතී ආගම් කුලභේද වලින් තොර රටක් බවට පත් කිරීමයි.’’

මේ අවස්ථාව සඳහා නැවත පදිංචි කිරීම පුනරුත්තාපන හා උතුරු සංවර්ධන නියෝජ්ය අමාත්ය ගරු කාදර් මස්තාන් මහතා,ප්‍රදේශයේ දේශපාලන නායකයින්, රාජ්‍ය නිලධාරීන් සහභාගි වී සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *