විපක්‍ෂ නායක කම ඒකාබද්දයටයි.. සන්ධානයේ සාමාජික පක්‍ෂ 3/4 අති බහුතරයක් තීරණය කරති… විරුද්ද වුනොත් අමරවීරට නඩු..

(04.08.2018 – 15:00 +0530 – lankacnews.com)

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය විපක්ෂයේ මන්ත්‍රීන් 70 ක් එක්ව සිටින කණ්ඩායමට හිමි විය යුතුව ඇති බවත් එය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ 4 න් පක්‍ෂ 3 ක තීරණය බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සීටී.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා මෙම ඇත්ත තත්වය තේරුම් ගත යුතු බව කී ගුණවර්ධන මහතා එසේ නොමැතිව බහුතරයේ තීරණයට පිටින් ගොස් ක්‍රියා කළහොත් ඔහුටද නීතිය හමුවේ පෙනී සිටීමට සිදු වනු ඇති බවද කීය.

විපක්‍ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට හිමි විය යුතු යැයි පෙනී යන බව කතා නායක වරයා පසු ගියදා තමන් ඇතුලු මන්ත්‍රී වරුන්ට කියා සිටි බවත් ඔහු ඒ මතයේ සිට තීන්දුවක් නොගෙන මහින්ද අමරවීර මහතාට බෝලය පාස් කර තිබීම පිටුපස විවිධ කතා බහ ද පවතින බවත් දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී.

මේ ගැන අමරවීර මහතා තමාගෙන් තවමත් කිසිදු විමසීමක් කර නැති බව ද දිනේෂ් ගුණවර්ධන මහතා කියයි ෴

**************************************

අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් සකසන්නිය රිමාන්ඩ්
(04.08.2018 – 17:37 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර මහනගර සභාවේ රුපියල් තුන්කෝටි අසූ හත් ලක්ෂ අනූහතර දහසක (3,87,94,000) මුදල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ වැටුප් සකසන්නිය අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඇය අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ටී.එම්. හේමන්ත පුෂ්පකුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ඇය අත්අඩංගුවට ගනු ලැබුවා.

ඇය අනුරාධපුර – තිසා වැව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් ෴

**************************************

අටපිරිකර ගන්න කියා ඇවිත් පුද්ගලයෙකු පන්සල් භූමියක කළ අපරාධය
(04.08.2018 – 10:16 +0530 – hirunews.lk/sinhala)

ගිනි අවියක් පෙන්වා, කැබිතිගොල්ලෑව – ඇතාකඩ ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි නම සතුව තිබූ රුපියල් එක්ලක්ෂ 20,000 ක මුදලක් පැහැර ගෙන ගොස් තිබෙනවා.

අටපිරිකර ලබා ගැනීමේ මුවාවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (03) විහාරස්ථානය වෙත පැමිණ ඇති අතර, පසුව විහාරාධිපති හිමියන් පිරිකර ලබාදීම සඳහා ආවාසයට ගිය අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණ පා ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, මුදල් පැහැර ගෙන පළා ගිය සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *