වාද්දුවේ වෙරළ හෝටලයක සාදයකදී හදිසියේ රෝගී වූ දෙදෙනෙකු මරුට

(05.08.2018 – 08:45 +0530 – hirunews.lk/sinhala)

වාද්දුව වෙරළ හෝටලයක ඊයේ පැවති සාදයක් අතරතුර හදිසියේ රෝගී වූ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සාදය අතරතුරදී රෝගී වූ පුද්ගලයින් 04 දෙනෙකු පානදුර රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඉන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන්ගේ වයස අවුරුදු 20 ක් සහ 36 ක්. මෙම මරණවලට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ ෴

+++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++

සාදයේදී රෝගී වූ තවත් අයෙක් මරුට
(05.08.2018 – 14:53 +0530 – sinhala.adaderana.lk)

වාද්දූව ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් දෙදෙනාගෙන් තවත් අයෙක් මියගොස් තිබේ.

සාදය අතරතුර දී පුද්ගලයින් සිව් දෙනෙකු හදිසියේ රෝගී වී ඇති අතර පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් දෙදෙනෙකු අද උදෑසන මිය ගියේය.

වාද්දූව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි ෴

++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

මරණ 03 කින් කෙළවර වූ වාද්දුව සාදය යට කෘත‍්‍රීම මත්ද්‍රව්‍ය
(05.08.2018 – nethnews.lk)

වාද්දුව ප‍්‍රදේශයේ වෙරළ හෝටලයක පැවති සාදයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව තිදෙනෙකු (03) දක්වා ඉහළ ගොස් තිබෙනවා. සාදයට සහභාගි වූ සිව් දෙනෙකු (04) මෙලෙස රෝගී වී පානදුර රෝහලට ඇතුළත් කෙරුණා.

ජීවිතක්ෂයට පත්වූ පිරිස අතරට කැස්බෑව සහ දිවුලපිටිය යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් ද අයත්. ඔවුන් අවුරුදු 20, 31 සහ 36 වන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වුණේ. රෝහල්ගත කළ සෙසු පුද්ගලයාගේ ද තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පැවසුවා.

පොලිසිය සැක පළ කරන්නේ ‘බ්ලැක් මැන්ඩි’ නමැති කෘත‍්‍රීම මත්ද්‍රව්‍ය වර්ගයක් සාදයට එක්වූවන් භාවිත කර ඇති බවටයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා :

සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිදු කරන පරීක්ෂණ පිළිබඳව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙලෙස පැහැදිලි කළා :

පෞද්ගලික සමාගමක් විසින් ඊයේ (04) මෙම සාදය සංවිධාන කරනු ලැබ තිබුණා. ඊට සහභාගී වී සිටි තරුණයින් පිරිසකුයි මත්පැන් පානය කරමින් සිටියදී මෙලෙස හදිසියේ රෝගී වුණේ ෴

+++++++++++++++++++++++++++++++++++

වාද්දුව මත්පැන් සාදයේ මිය ගිය ගණන 4 වෙයි
(06.08.2018 – 12:51 +0530 – hirunews.lk/sinhala)

වාද්දුවේ වෙරළාසන්න හෝටලයක සාදයක් අතරතුර හදිසියේ රෝගාතුරව පානදුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් පුද්ගලයාද අද ජීවිතක්ෂයට පත්වුණා.

ඒ අනුව සිද්ධියෙන් මියගිය ගණන හතර (04) දක්වා ඉහළ ගොස් ඇති අතර, මීට පෙර අවුරුදු විස්ස, තිස් එක සහ තිස් හය යන වයස්වල පසුවන තරුණයින් තුන්දෙනෙකු සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණා. අද මිය ගිය පුද්ගලයා 28 හැවිරිදි හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගිය 4 වන දා රාත්‍රී කාලයේ පෞද්ගලික සමාගමක් විසින් අදාළ සාදය පවත්වා තිබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය වීමෙන්.

ඊට විශේෂ ආරක්ෂාවක් ද සපයා තිබූ බව සඳහන්.

මිය ගිය පුද්ගලයින් සාදය අතරතුර රෝහල් ගත කර තිබුණේ අධික උණ සහ ශ්වසන අපහසුතා හේතුවෙන්.

කෙසේ වෙතත්, මරණ වලට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

ඒ පිළිබඳ ඉදිරි පරීක්ෂණ රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති බවයි පානදුර රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය පී.ජී. හේමන්ත කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

++++++++++++++++++++++++++++++++

වාද්දූව සාදයේදී සිදු වුයේ මිනී මැරුමක්
(07.08.2018 – 15:56 +0530 – sinhala.adaderana.lk)

වාද්දූව ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතර තුර හදිසියේ රෝගී වීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියයාමට හේතුව අධික විෂක් ශරිරගත වි සියලු පද්ධති අක්‍රිය විම බව පානදුර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පවසන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර මෙය මිනී මැරුමක් බවද ඒ මහතා අද (07) කොළඹ එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදි පැවසීය.

දින කිහිපයක් ගත වුවත් මෙම උත්සවය සංවිධානය කළ පුද්ගලයෙකු හෝ අත්අඩංගුවට නොගැනිමට හේතුව එම සාදය පිටුපස කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලන හස්තයක් තිබිම බවද ඒ මහතා පවසයි.

තවද මෙම උත්සවය සඳහා පානදුර පොලිසියේ උසස් නිලධාරියෙකුටද ආරාධනා පතක් හිමි වි ඇති බවත් අදාල උත්සවය පැවැත්වීම සඳහා අවශ්‍ය අවසර පත් ලබා ගැනීමට පැමිණ ඇත්තේ විශ්‍රාම ලත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය වලින් තොර රටක් ඇති කිරිමට කෙතරම් උත්සහ කළද එය සිදු කළ නොහැති බවත් වත්මන් ආණ්ඩුව ජාතියේ දරුවන් මත්ද්‍රව්‍යකරුවන් බවට පත් කරමින් සිටින බවටත් ජයන්ත සමරවීර මහතා එහිදි වැඩිදුරටත් සඳහන් කළේය ෴

**************************************

ආබාධිත මව රකිනා දිරිය දියණිය
(04.08.2018 – 21:37 +0530 – hirunews.lk/sinhala)

​වයසට ඔරොත්තු නොදෙන තරමේ වගකීම් කරට ගෙන එම වගකීම් නොපිරිහෙළා ඉටුකරන දරු දැරියන් පිළිබඳ අපිට වරින්වර අසන්නට ලැබෙනවා.

මේ පුවතත් එවන් දිරිය දියණියක් පිළිබඳවයි.

ලුණුගම්වෙහෙර – කුඩාගම්මාන 5 ප්‍රදේශයේ ජීවත්වන දරුවන් තිදෙනෙකුගේ මවක් වු ජේ.එම් රමණි මහත්මිය කුලී රැකියාවක නිරතව සිටි හදිසියේ රෝගාතුර වෙනවා.

රමණී පවසන්නේ ඒ, සර්පයෙකුගේ අස්ථියකට, පාදයේ ඇති වු තුවාලයක් හේතුවෙන් බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *