බලධාරීන්ගේ නෙත් පෑදූ ‘හිරු CIA’

(04.08.2018 – 19:53 +0530 – hirunews.lk/sinhala)

මා ඔයට මුදා හැරුණු මාවනැල්ල මුලික රෝහලේ මල අපවහන පද්ධතියේ ගැටලුවට මාස දෙකක් ඇතුලත විසදුම් ලබාදෙන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය පවසනවා.

ඇය සඳහන් කළේ හිරු සී.අයි.ඒ අනාවරණයෙන් පසුව ඊට කඩිනම් විසදුම් ලබාදීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි.

මාවනැල්ල මුලික රෝහලේ මල මුත්‍ර ඇතුළු අප ජලය මා ඔයට මුදා හරින බවට හිරු සී.අයි.ඒ. හරහා අප පසුගිය 14 වැනිදා දර්ශන සාක්ෂි සහිතව පෙන්වා දුන්නා.

කෙසේ වෙතත්, අපගේ අනාවරණය පිළිබදව වැඩිපුරම සිත් රිදී තිබුනේ හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතාටයි.

********************************************

පානදුරේ මියගිය පුද්ගලයා ගැන විවෘත තීන්දුවක්
(04.08.2018 – 19:24 +0530 – hirunews.lk/sinhala)

පානදුර දකුණ පොලීසිය අත්අඩංගුවට ගෙන, බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව මියගිය පානදුර – කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි චමින්ද ප්‍රනාන්දුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.

එය සිදුකෙරුණේ කළුතර – නාගොඩ රෝහලේදීයි.

37 හැවිරිදි චමින්ද ප්‍රනාන්දු රන්මාල කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පානදුර – දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කළුතර බන්ධනාගාරයට යොමුකර තිබුණා.

කෙසේ වෙතත්, එහිදී මෙම පුද්ගලයා මියගිය අතර, ඔහුගේ සොහොයුරියක චෝදනා කළේ පොලීසිය සිදුකළ පහරදීමකින් තම සොහොයුරා මියගිය බවයි.

කෙසේ වෙතත්, අප පානදුර දකුණ පොලීසියෙන් කළ විමසීමකදී ඔවුන් එම චෝදනාව ප්‍රතික්ෂේප කළා.

මේ අතර, යාපනය – චුන්නාක්කම් මාර්ගයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිස් වෙඩි පහරින් මියගිය යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනාගේ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ වෙඩි වැදීමට ලක්වන අවස්ථාවේ සිසුන් දෙදෙනා බීමතින් සිට ඇති බවට පොලීසිය සිදුකළ ප්‍රකාශ අසත්‍ය බවයි.

2015 වසරේ ඔක්තෝම්බර් 20 වනදා යාපනය – චුන්නාක්කම් ප්‍රධාන මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ 24 හැවිරිදි සිසුන් දෙදෙනෙකු පොලීසිය විසින් සිදු කළ වෙඩි තැබීමකින් මියගියා.

මෙම සිසුන් දෙදෙනා අණ නොතකා ධාවනය කළ බවත්, ඔවුන් එම අවස්ථාවේ බීමතින් සිටි බවත් පසුව පොලීසිය ප්‍රකාශ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *