ගෝඨාභය එනවාට ඇමෙරිකාව විරුද්ධ වෙයි

(05.08.2018 – divaina.com)

මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් රහසිගත මෙහෙයුමක් දියත් කරන බව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට වාර්තා වේ.

අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා හමුවී ඇති ඇමරිකානු තානාපති කාර්යාල ප‍්‍රධානීන් පිරිසක්, හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට එරෙහිව ඇති යුද අපරාධ චෝදනා පිළිබඳව ඔහුගෙන් විමසා තිබේ. එහිදී තානාපති නිලධාරීන් පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා, 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා ඔහු විසින් කරන ලද යුද අපරාධ පිළිබඳ වාර්තා තමන්ට අවශ්‍ය වී ඇති බවයි.

ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා කළැයි කියන ප‍්‍රකාශයක් මත හෙළිවුණු සුදු කොඩි සිද්ධිය සම්බන්ධයෙන් අතුරුදන් වූවන් සහ පැහැරගැනීම් පිළිබඳ මැක්ස්වල් පරණගම කොමිසමේදී හෙළි වූ කරුණුවලට ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සම්බන්ධයක් තිබේ ද යන්න ගැන ඇමෙරිකානුවන් උනන්දුවන බව දැනගන්නට තිබේ.

විශේෂයෙන් කොටි පොලිස්පති නඬේසන් ඝාතනය කර ඇත්තේ ඔහු හමුදාවට යටත් වූ පසු ගෝඨාභය රාජපක්‍ෂගේ නියෝගය පරිදි ද යන්න ඇමෙරිකානුවන් සොයා බලමින් සිටින බව දැනගැනීමට ඇත.

මෙම කතාබහ පිළිබඳ දැනගැනීමට විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු මැක්ස්වෙල් පරණගම මහතාට අප විසින් දුරකතන ඇමතුමක් ලබාගත්තද ඒ මහතා සම්බන්ධ කරගැනීමට නොහැකි විය.

– මනෝජ් අබයදීර

***************************************

කළුකුමාර දිෂ්ඨිය ගැන කියන මොකක්ද මේ ඝරසරප ? – අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි උත්තර දෙයි
(05.08.2018 – divaina.com)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *