නඩුත් ආණ්ඩුවේ බඩුත් ආණ්ඩුවේ – විමල් කියයි

(05.08.2018 – 15:07 +0530 – sinhala.adaderana.lk)

දෙරටේම ජනතාව මුලාවට පත් කරමින් ඉන්දියාව මත්තල ගුවන්තොටුපල තම ගොදුරක් බවට පත් කර ගැනීමට උත්සහ කරන බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසයි.

කොළඹ එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍යහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට පැවරිම සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු කිසිදු පාර්ශවයක් විසින් ඉදිරිපත් නොකරන බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

කන්කසන්තුරේ වරාය, පාලාලී ගුවන්තොටුපල, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, ගාලු වරාය සහ ත්‍රිකුණාමල වරාය යන ස්ථාන තමන් සතු කර ගැනිම සඳහා ඉන්දියාව කටයුතු කරමින් සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මත්තල ගුවන්තොටුපල ඉන්දියාව තමන් සතු කර ගැනිමට උත්සහ දරන්නේ ආර්ථීක ප්‍රතිලාභ ලබා ගැනිමට නොව උපාය මර්ගික වාසි ලබා ගැනිමට බව ද හින්දු පුවත්පත පසුගිය දා කළ අනාවරණයෙන් සඳහන් වන බවද මන්ත්‍රීවරයා මෙහිදි පැවසීය.

රුපියල අවප්‍රමාණය වීම ජනතාවගෙන් වසන් කිරිම සඳහා ආණ්ඩු විවිධ ගැටළු කාරි මත ප්‍රකාශ කරමින් සිටින බවත් එයට නිදසුන් ලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කිරිම සහ මන්ත්‍රි වැටුප වැඩි කිරිම යන ප්‍රකාශ ගත හැකි බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මෙවැනි ප්‍රකාශ සිදු කරන්නෙත් ආණ්ඩුව නියෝජනය කරන පිරිස වන අතර එය එසේ නොවන බව ප්‍රකාශ කරන්නෙත් එම පිරිසේ පුද්ගලයන් පමනක් බැවින් නඩුත් ආණ්ඩුවේ බඩුත් ආණ්ඩුවේ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය ෴

+++++++++++++++++++++++++++++++

ගුවන් තොටුපල 02 කට හා වරාය 04 කට ඉන්දියාව දැල එලන හැටි විමල් හෙළි කරයි
(05.08.2018 – nethnews.lk)

මත්තල ගුවන් තොටුපලට අමතරව තවත් වරායන් කිහිපයක් කෙරෙහි ඉන්දියාවේ ඇස යොමු වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේ පලාලි ගුවන් තොටුපලද තමන් සතු කර ගැනීමට ඉන්දියාව උත්සහ දරමින් සිටින බවයි.

ව්‍යාජ ණය බරක් හුවා දක්වමින් මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට ලබාදීම විකෘති ක‍්‍රියා දාමයක් බවයි මන්ත‍්‍රීවරයා කියා සිටියේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මෙම අදහස් පළ කළේ කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

**************************************

සයිටම් කණ්ඩායමක් හෙට කොතලාවලට – අධ්‍යාපනය යළි මුල සිට
(05.08.2018 – 22:46 +0530 – lankadeepa.lk)

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් හෙට කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමට නියමිතය.

මෙලෙස කොතලාවල ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කරගන්නේ සයිටම් ආයතනයට ඉකුත් 2017 වසරේදී බඳවා ගත් 14 වැනි ශිෂ්‍ය කණ්ඩායමට අයත් සිසුන් 40 දෙනෙකි.

එම සිසුන් සයිටම් ආයතනයේ වසරක පමණ කාලයක් අධ්‍යාපනය ලබා තිබෙන නමුත් එම අධ්‍යාපන කාලය නොසලකා ඔවුන් පළමු වසරේ ශිෂ්‍ය කණ්ඩායමක් ලෙස ඇතුළත් කර ගැනීමට කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨ බලධාරීන් තීරණය කර ඇත.

මේ අතර එම සිසුන්ට එක් අධ්‍යාපන වසරක් සඳහා රුපියල් තුන් ලක්ෂ අසූ දහසක මුදලක් ද ගෙවන ලෙස දැනුම් දී ඇත ෴

+++++++++++++++++++++++++++++++

05.08.2018

අගමැතිතුමා පූජාට දුන්නු Kiss එක

අගමැතිතුමා පූජාට දුන්නු Kiss එක

Posted by Web Gossip – වෙබ් ගොසිප් on Sunday, August 5, 2018

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *