කෝටි ගණනක් මුදල් වංචා කල සත්විති හොර සාදුවෙක්..

(06.08.2018 – 06:26 +0530 – lankacnews.com ඇසුරෙන්)

කැනඩාවට යවන බව කියමින් විවිධ ප්‍රදේශවල විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් ලබා ගෙන වංවා කල බව කියන අහුන්ගල්ලේ විහාරස්ථානයක සක්විති හොර සාදුවෙක් සොයා ගැනීම සදහා අහුන්ගල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

දැනට සති දෙකක පමණ කාලයක සිට මෙම මූ විහාරස්ථානයෙන් අතුරුදනව සිටින බවට පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි අහුන්ගල්ල පොලිසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

අහුන්ගල්ල, ගල්වෙහෙර මඵවවත්ත පුරාණ විහාරස්ථානයේ වැඩසිටි ගල්කුලමේ සෝරත නමින් පෙනී සිටි මේකා කැනඩාවේ විශ්ව විද්‍යාලයක මහාචාර්ය වරයකු බවත් මහාචාර්ය ජයන්ත කැලේගම මහතා සිය පියාණන් බවත් ප්‍රදේශවාසීන්ට පවසා තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මූ ප්‍රදේශවාසීන් විහාරස්ථානයට පැමිණි පසු ඉතා සූක්ෂම අන්දමින් ඔවුන්ගේ සිත් දිනාගෙන කටයුතු කර තිබෙන බවද ඒ නිසාම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මූට අවනතව කටයුතු කර තිබෙන බවද අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

අහුන්ගල්ල, බදුල්ල, වැල්ලවාය, බණ්ඩාරවෙල, ගිනිගත්හේන, අවිස්සාවේල්ල, වැලිගම, කිතුල්ගල, මහනුවර, පල්ලෙකැලේ ආදී ප්‍රදේශවල එකසිය පනස් දෙදෙනෙකු මුලාකරමින් ඔවුන්ගෙන් රුපියල් කෝටි අටකට වැඩි මුදලක් මෙසේ වංචාකර තිබෙන බවද අහුන්ගල්ල පොලීසිය කියයි.

මෙම විහාරස්ථානය කැලෑවෙන් වැසී ගොස් ඉතා ජරාවාසව තිබී ඇති අතර ප්‍රදේශයේ දානපතියෙක් පසුගිය කාලයේ රුපියල් කෝටියකට අධික මුදලක් වැය කර ප්‍රතිසංස්කරණය කර තිබේ. මෙම විහාරස්ථානයේ විහාරාධිපති කොස්ගොඩ, හෑගල්ල මහ විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති කොස්ගොඩ මහින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථානය ගොඩ නංවා ඇත. කොස්ගොඩ මහින්ද හිමියන් අහුන්ගල්ලේ වෙනත් ප්‍රධාන විහාරස්ථානයක වැඩ වාසය කරන බැවින් මෙම මේකා සොයාගෙන ඇත්තේ පුවත්පත් දැන්වීමක් මගිනි.

අහුන්ගල්ල, මළුවේවත්ත පුරාණ විහාරස්ථානයට හිමිනමක් අවශ්‍ය බව සඳහන් දැන්වීමක් සති අන්ත ප්‍රධාන පුවත්පක පළකිරීමෙන් පසු මේ හොර සාදුවා මීට මාස හතරකට පමණ පෙරදී විහාරස්ථානයට පැමිණි බව විහාරාධිපති කොස්ගොඩ මහින්ද හිමියන් අහුන්ගල්ල පොලීසියට ප්‍රකාශ කර තිබේ. මුදල් වංචා කිරීමෙන් පසු ගල්කුලමේ සෝරත නමින් පෙනී සිටි මූ මේ වන විට අතුරුදන්ව සිටිව බව අහුන්ගල්ල පොලීසිය කියයි. මුගේ රියදුරා බව කියන අයකු අහුන්ගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

– ජයකාන්ත ලියනගේ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *