එළඹෙන 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනයක්

(06.08.2018 – 15:34 +0530 – hirunews.lk/sinhala)

අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය විසින් එළඹෙන 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමය සඳහන් කළේ ඉන්ධන මිල සූත්‍රය, ටෙන්ඩර් පටිපාටිය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි ෴

***************************************

බුලත්සිංහල කොල්ලයේ, තවත් 5 ක් අත්අඩංගුවට – එක්කෝටි 69 ලක්ෂයකුත් සොයා ගැනේ
(06.08.2018 – 13:25 +0530 – hirunews.lk/sinhala)

බුලත්සිංහල – හොරණ පාර – පහළ නාරගල ප්‍රදේශයේදී මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර රුපියල් කෝටි 03කට ආසන්න මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ කොල්ල කන ලද මුදලින් රුපියල් එක්කෝටි 65 ලක්ෂ 91,800 ක්ද ඔවුන් සන්තකයේ තිබී සොයාගත් බවයි.

එමෙන්ම කොල්ල කෑ මුදලින් ඔවුන් මිලදී ගත් රුපියල් තුන්ලක්ෂ 48,500 ක් වටිනා රන් භාණ්ඩ තොගයක්ද සොයා ගැනුනා.

පෞද්ගලික බැංකු දෙකක ඒ.ටී.එම්. යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා පෞද්ගලික සමාගමක් විසින් මෙම මුදල වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදි මෙම කොල්ලය සිදුකර තිබුණේ පසුගිය මස 28 වනදායි. මීට අමතරව වෑන් රථයේ ආරක්ෂක නිලධාරියාගේ පැහැරගත් ගිනි අවිය සහ කොල්ලකෑමට සැකකරුවන් පැමිණි ජීප් රථයද පොලිිසියට හමුවී තිබෙනවා.

මීට පෙර මෙම කොල්ලය සම්බන්ධයෙන් මුදල් ප්‍රවාහනය කළ වෑන් රථයේ රියදුරා සහ ආරක්ෂක නිලධාරීයා අත්අඩංගුවට ගනු ලැබුවා ෴

****************************************

මුද්‍රණාල සේවකයින් සංකේත වර්ජනයක
(06.08.2018 – 13:14 +0530 – hirunews.lk/sinhala)

රජයේ මුද්‍රණාල සේවකයින් අද මධ්‍යහ්න 12 සිට සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

එහි වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු එම්.ඞී.ආර්. අතුල සඳහන් කළේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පුද්ගලයින් යැයි පවසා 13 දෙනෙකු සේවයට එක් කරගැනීමට පාලනාධිකාරිය ගෙන ඇති තීරණයට විරෝධය පළ කිරීම සඳහා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.

මේ හේතුවෙන් මුද්‍රණාලයේ කටයුතු මේ වනවිට ඇණහිට ඇති බව ඔහු කියා සිටියා ෴

****************************************

අග්‍රාමාත්‍ය කාර්යාලයේ සඟවා ඇති කූඨ ලේඛනයක් ගැන ජි.එල් ගෙන් හෙළිදරව්වක්
(06.08.2018 – 16:37 +0530 – sinhala.adaderana.lk)

නව ව්‍යවස්තා පනත් කෙටුම්පත හා සමාන තොරතුරු ඇතුලත් කූඨ ලේඛනයක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ රහසිගතව සඟවා ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි. එල්. පිරීස් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

එම ලේඛනයේ පිටපතක් තමන් සතුව තිබෙන බවත් එහි ඇතුලත් කරුණු රටට ඉතාමත් අහිතකර බලපැම් එල්ල කරන බව ඒ මහතා පැවසීය.

මෙම ලේඛනයේ සඳහන්වන පරිදි ජනාධිපති ධුරය නාමයට පමනක් සිමා වුවක් වන අතර දෙවතාවක් ජනාධිපති ධුරයේ සිටි පුද්ගලයෙකුට නැවතත් ජනාධිපති අපෙක්ෂකයෙක් විය නොහැකි බවද එම ලේඛනයේ සඳහන් බව ද මහාචාර්යවරයා පැවසීය.

තවද ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයෙන් ජනාධිපති අපෙක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙ නම් එම පුද්ගලයා ද්විත්ව පුරවැසිභාවය අහොසිකර මාස 12 ක් අවසන් වි තිබිය යුතු බවද එම ලේඛනයේ සඳහන් වන බව ඔහු ප්‍රකාශ කළේයත

වැඩිදුරටත් අදහස් දැක්වු මහාචාර්ය ජි. එල්. පිරීස් මහතා පැවසුවේ රාජපක්ෂ පවුර ඉලක්ක කර ගනිමින් මෙලෙස නව ව්‍යවස්තා ගෙන එමට වත්මන් ආණ්ඬුව ක්‍රියා කරන බවය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *