ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියට නිලධාරීන් අසූහාරදාහක්

(06.08.2018 – 17:58 +0530 – lankadeepa.lk)

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය ආයතන 3500 ක් අධිවේගී අන්තර්ජාල තාක්ෂණය හරහා එකිනෙකට ජාල ගත කිරීමේ ‘ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය’ ට මේ වනවිට රාජ්‍ය නිලධාරින් අසූ හාර දහසක් පමණ නිල වශයෙන් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

කාර්යක්ෂම පුරවැසි සේවා සැපයීම සදහා රාජ්‍ය ආයතන එකිනෙකට සම්බන්ධ කරමින් එම ආයතන අතර කඩිනමින් තොරතුරු හුවමාරු කර ගැනීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුකෙරෙන අතර මේ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින් දැනුම්වත් කිරීමට මේ දිනවල පළාත් මට්ටමින් වැඩමුළු පැවැත්වේ.

අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් සභා ලේකම් කාර්යාල, කලාප අධ්‍යාපන කාර්යාල සහ පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන 815 ක් පමණ ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියේ දෙවන සංස්කරණයේ පළමු අදියර යටතේ මේ වන විට ජාල ගත කර ඇතැයි එම ආයතනය කියයි.

ඉදිරියේදී මෙම සෑම රාජ්‍ය ආයතනයක් සදහාම ව්‍යාපෘතිය පිළිබද පුර්ණ නිපුණතාවයක් සහිත නිලධාරියෙකු බැගින් පත්කිරීමට නියමිත යැයි ද ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටලුවකදී උපදෙස් දීමට තමන් නොපැකිලව කටයුතු කරන්නේ යැයි ද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ විශේෂ ව්‍යාපෘති කළමනාකරු කාංචන තුඩුගල මහතා පවසයි ෴

******************************************

රටේ පරමාධිපත්‍ය සහ ස්වෛරීභාවය ආරක්ෂාවන්නේ කෙසේදැයි ආණ්ඩුව පැවසිය යුතුයි – ඇල්ලේ ගුණවංශ හිමි
(06.08.2018 – 19:55 +0530 – hirunews.lk/sinhala)

මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට බදුදීමේදී රටේ පරමාධිපත්‍ය සහ ස්වෛරීභාවය ආරක්ෂාවන්නේ කෙසේදැයි ආණ්ඩුව පැවසිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ අදහස් පළකළේ කෑගල්ලේ පැවති සම්මන්ත්‍රණයකදී.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *