ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න දිවි ගමනට සමුදෙයි

(08.08.2018 – 08:22 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න මහතා අද (08) අළුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හත් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන මොහු මියයන විට 75 වන වියේ පසුවුණා.

අමකර කුරවි සරින්, මිහිලියගේ තුණු සපුව පුරා, ඈත චන්දන හිමේ ආදී ප්‍රසිද්ධ ගීත රැසක් මොහු විසින් ගායනා කර තිබෙනවා.

එමෙන්ම සිනමා නිර්මාණ 12 කට පමණ මොහු පසුබිම් ගායනයෙන් සහය වී ඇති බව සඳහන්.

මේ අතර, ප්‍රවීන රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න මහතා ද අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 71 වන වියේ පසුවුණා.

බැද්දෙගෙදර, නිරානන්දය සහ ධවල රාත්‍රිය ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවකට ඔහු සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.

++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

sarigama.lk > W Premarathna

++++++++++++++++++++++++++++++++

meemessasinhalasongs.com > W Premarathna

++++++++++++++++++++++++++++++++

ස්නායු අබාධයකින් ප්‍රවීණ රංගන ශිල්පී ඉන්ද්‍රජිත් ජීවන ගමනට සමුදෙයි
(08.08.2018 – webgossip.lk)

ප්‍රවීණ රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 71 වන වියේ පසුවුණා.

බැද්දෙගෙදර, අඹුදරුවෝ, මහෝඝය, නිරානන්දය සහ ධවල රාත්‍රිය ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවකට ඔහු සිය රංගන දායකත්වය ලබා දුන්නා.

මතක ශක්තිය හීනවීමේ ස්නායු ආබාධයකට ගොදුරුව සිටි ඔහු වසර කිහිපයකම සිට කලා කටයුතු වලින් ඈත් වී කුරුණෑගල නිකවැරටියේ සිය නිවසේ කාලය ගත කළ බවයි වාර්තා වන්නේ.

+++++++++++++++++++++++++++++++

රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න දිවි රඟමඩලින් සමුගනී
(08.08.2018 – 12:42 +0530 – lankadeepa.lk)

ප්‍රවීණ රංගන ශිල්පියකු හා ප්‍රකට කලාකරුවෙකු වූ , නිකවැරටියේ පදිංචි එස්.එම්.ඉන්ද්‍රජිත් නාවින්න මහතා අද (8) නිකවැරටිය රෝහලේදී අභාවප්‍රාප්ත විය.

සිනමා පට 30 සහ ටෙලි නාට්‍ය 100 අධික සංඛ්‍යාවක රඟපා ඇති ඉන්ද්‍රජිත් නාවින්න මහතා මිය යන විට 70 වැනි වියේ පසුවිය.

තිදරු පියෙකු වන නාවින්න මහතා සිය කලා දිවියේ 40 වසරද සපුරා සිටිති .

ඒ මහතාගේ දේහය නිකවැරටිය ජයන්ති මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සිකුරාදා (10) දින සවස 3.00 ට බලගොල්ලාගම පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *