මහ බැංකු වංචාවෙන් පසු මහජන බැංකුවෙත් දැවැන්ත වංචාවක්

(07.08.2018 – lankatruth.com)

මහ බැංකුවේ වංචාවෙන් පසු මේ වනවිට මහජන බැංකුවේද දැවැන්ත වංචාවක් සිදුවෙමින් තිබෙන බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

ඒ මහතා අනාවරණය කරන ආකාරයට මහජන බැංකුවේ උප සභාපතිවරයෙකු වන ජෙහාන් අමරතුංග නැමැත්තා විසින් සියළුම නීත්‍යමය තත්වයන් උල්ලංඝණය කරමින් රුපියල් බිලියන 10 ක ණයක් ලබාගෙන ඇත.

රුපියල් මිලියන 10 ක ණයක් ලබා ගන්නා විට අඩුම තරමේ රුපියල් බිලියන 25 ක වත්කම් තිබිය යුතු බවත් අනාවරණය කරන වසන්ත සමරසිංහ මහතා සඳහන් කරන්නේ විවිධ ණය ලබාගත් ඉහළ ධනවතුන් සඳහා පසුගිය අවුරුදු 3 ක කාලය තුළ රාජ්‍ය බැංකුවලින් බිලියන 05 ක පමණ මුදල් බොල් ණය ලෙස කපා හැර ඇති බවයි.

ගොවි ජනතාව ලබා ගන්නා ණය ගෙවීමට ප්‍රමාද වුවහොත් නඩු ගොනු කරන තත්වයක් තුළ සහ සාමාන්‍ය ජනතාවට කුඩා ප්‍රමාණයේ ණයක් ලබා ගැනීමට විශාල වෙහෙසත් දැරීමට සිදුව ඇති වටපිටාවක් තුළ මෙවැන් තැනැත්තෙකුට මෙලෙ නීතිවිරෝධී ලෙස ණය ලබාදීම සම්බන්ධයෙන් ඉදිරියේදී සම්පූර්ණ කරුණු අනාවරණය කරන බවද වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ ය.

ජෙහාන් අමරතුංග නැමැත්තා පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේද මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර වත්මන් ආණ්ඩුවේද ඇමතිවරයෙකුට සමීප වෙමින් මොහු මෙලෙස මහජන බැංකුව විනාශ කරමින් සිටින බවද වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ ය ෴

************************************

මැති ඇමතිවරුන්ගේ කිරි හරක් හොරකම ගැන විගණකාධිපතිට පැමිණිල්ලක්
(06.08.2018 – lankatruth.com)

වත්මන් ආණ්ඩුවේ කිරි ගවයන් භාරව සිටි හිටපු ඇමති පී. හැරිසන් මහතා මෙන්ම වත්මන් අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා විසින් කිරි ගවයන් ආනයනය කිරීමේදී විගණකාධිපතිවරයාගේ නිර්දේශ නොතකා කටයුතු කිරීමෙන් මිලියන ගණනක පාඩුවක් සිදුව ඇති බවත් ගෙන්වන ලද ගවයන් රෝගී ගවයන් වීම නිසා එම ගවයන් මියයාම හේතුවෙන් ගවයන් මිලදී ගත් ගොවියා මහත් අසරණ භාවයකට පත්ව ඇති බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විගණකාධිපතිවරයාට පැමිණිලි කරමින් කියා සිටියි.

අද (06) පස්වරුවේ කිරි ගොවියන් සමග පැමිණි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා, එහි ලේකම් ටී.බී. සරත් මහතා ඇතුළු ගොවි නායකයින් විසින් මෙම පැමිණිල්ල භාරදෙන ලදී.

මැති ඇමතිවරු එක්ව කළ මිලියන ගණනක හරක් හොරකම

මැති ඇමතිවරු එක්ව කළ මිලියන ගණනක හරක් හොරකමවිගණකාධිපතිට පැමිණිල්ලක්

Posted by Namal Karunarathne on Monday, August 6, 2018


********************************************

රුවන්වැල්ල ස්වර්ණාභරණ සොරකම කළ යුවළ හසුවේ CCTV
(08.08.2018 – gossiplankanews.com)

අඹුසැමියන් ලෙස පෙනී සිටිමින් කෑගල්ල රුවන්වැල්ල බස් නැවතුම් පළ අසළ පිහිටි ස්වර්ණාභරණ ආයතනයකින් රණ් භාණ්ඩ මිළදි ගන්නා මුවාවෙන් ඇතුළු වූ යුවළක හීන් සීරුවේම වෙළෙඳසැල් හිමියා සමග කතාබහකට පැටලී එම කාන්තාව තම ලේන්සුව අස්සට මාලයක් දමාගෙන සොරකම් කිරීමක් සිදු කර තිබේ.

රුවන්වැල්ල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුවෙ වෙළෙඳසැලේ සවිකර තිබු සී.සී.ටී.වී දර්ශන ඔස්සේ සිදුකරන ලද විමර්ශන වලට අනුව මෙම සොරකම සිදු කරන ලද සැකකාර යුවල රුවන්වැල්ල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 24 ක් වු කඩුවෙළ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර සැකකාරිය වයස අවුරුදු 26 ක් වු වතුපිටිවල ප්‍රදේශයේ ඇඟළුම් ආයතනයක සේවය කරන අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචිකාරියක බව හඳුනාගෙන ඇත.

මෙම යුවළ විවාහක අඹුසැමියන් ලෙස පෙනී සිටිමින් ගම්පහ, කටුනායක, කිරිබත්ගොඩ, අනුරාධපුරය ඇතුළු නොයෙකුත් ප්‍රදේශ වල ස්වර්ණාභරන ආයතන වලට රන් භාණ්ඩ මිළඳී ගන්නා මුවාවෙන් ඇතුළු වී සොකරම් ගණනාවක් සිදු කර ඇති බව පොලිසිය වාර්තා කර තිබේ.

තවද, මෙම සැකකාර යුවළ විසින් සොකරම් කරන ලද රන් භාණ්ඩ නිට්ටඹුව, කිරිඳිවැල, කුරුණෑගල හා අනුරාධපුර ප්‍රදේශ වල පිහිටි උකස් මධ්‍යස්ථාන වලට උකස් කරන ලද රිසිට් පත් 09 ක් රුවන්වැල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත. සැකකරුවන් රුවන්වැල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු 2018.08.20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සිද්ධියේ සීසීටීවී දර්ශන පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *