අද (08) සවස 3 සිට දුම්රිය වර්ජනයක්

(08.08.2018 – 15:16 +0530 – sinhala.adaderana.lk)

අද (08) සවස 3.00 සිට වැඩ වර්ජනයක් ඇරඹීමට දුම්රිය රියදුරන්, නියාමකවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබේ ෴

********************************************

ජංගම දුරකථන සංවාද අනවසරයෙන් පටිගත කිරිමේ සුදානමක් ගැන හෙළිදරව්වක්
(08.08.2018 – 13:24 +0530 – sinhala.adaderana.lk)

ඕනෑම පුද්ගලයෙකුගේ ජංගම දුරකථන සංවාද අනවසරයෙන් පටිගත කළ හැකි අධි තාක්ෂණික උපකරණයක් මෙරටට ගෙන්වා සඟවා ඇති බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.

අද (08) පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසීය.

එම උපකරණය ජපානයේ නිෂ්පාදිත එකක්වන අතර එය සමාන්‍යයෙන් යුද හමුදා ආරක්ෂක අංශ සඳහා පමණක් අවශ්‍ය වු විය යොදා ගන්නා උපකරණයක් බවද මන්ත්‍රීවරයා මෙහිදි පැවසීය.

එම උපකරණය ‘නෙක්’ (NEC)නමින් හදුන්වන බවත් මේ වන එය මෙරටට ගෙන්වා කොළඹ නුගේගොඩ ප්‍රදේශයේ නිවසක ඉහළ පොලිස් නිලධාරිවරයෙකුගේ යටතේ සඟවා ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය ෴

++++++++++++++++++++++++++++++++

මාධ්‍යවේදීන් රැසකගේ දුරකතන ඇමතුම්වලට හොරෙන් සවන්දෙන ඒකකයක් පිහිටුවලා – ඇමතිවරයෙක්ගේ ඇමතුම්වලටත් සවන් දීලා
(08.08.2018 – nethnews.lk)

ආණ්ඩුව විසින් දුරකතන ඇමතුම්වලට හොරෙන් සවන්දීමේ උපකරණ ගෙන්වා මාධ්‍යවේදීන් ඇතුළු පිරිස්වල දුරකතන ඇමතුම්වලට හොරෙන් සවන්දෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. අද උදෑසන පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

“දුරකතන ඇමතුම්වලට ආණ්ඩුව හොරෙන් සවන්දෙනවා. ජපානයෙන් නෙක් කියන සියුම් දියුණු තාක්ෂණික උපකරණ ගෙන්නල නුගේගොඩ නිවසක ස්ථාපිත කරලයි තියෙන්නේ. මේ ඒකකය බාරව ඉන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. ලංකාදීප කතෘ සිරි රණසිංහ, රිවිර සම කතෘ තිස්ස රවීන්ද්‍ර පෙරේරා, දිවයින, ලක්බිම මාධ්‍යවේදීන්ගේ දුරකතන ටැප් කරන්නයි කියල තියෙන්නේ. මේක ඒකාබද්ධ විපක්ෂයේ අපිට විතරක් බලපාන දෙයක් නෙවෙයි. හකීම් ඇමතිවරයාටත් මේ අවධානමට මුහුණ දෙන්න වෙලා තියෙනවා.”

නෙත් ආයතනයේ ප්‍රවෘත්ති කලමණාකරුට ඇමතිවරයෙක් බලපෑම් කරන බවද මන්ත්‍රීවරයා මෙහිදී සිහිපත් කළා ෴

******************************************

ප්‍රතිඵල නොසලකා වසර 2 ක් වෘත්තීය විෂයන් හැදෑරීමට 2019 සිට අවස්ථාව
(08.08.2018 – 13:18 +0530 – sinhala.adaderana.lk)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සා.පෙ.) විභාගයේ ප්‍රතිඵල නොසලකා තවත් වසර 02 ක් තුළ වෘත්තීය විෂයන් 26 ක් අතුරින් එක් විෂයක නිපුණත්වය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය හේතුවෙන් ප්‍රාථමික හා ද්විතීයික මට්ටමේ අධ්‍යාපනය පිළිබඳ ශ්‍රී ලංකාව කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කර ගෙන තිබුණද අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සා.පෙ.) විභාගයෙන් පසු තවමත් වාර්ෂිකව සිසුන් 80,000 ක පමණ ප්‍රමාණයක් වැඩිදුර අධ්‍යාපනයක් හෝ වෘත්තීය නිපුණත්වයකින් තොරව පාසල් පද්ධතියෙන් ඉවත් වන බව නිරීක්ෂණය කර තිබේ.

මෙම ශිෂ්‍ය ප්‍රජාව දේශීය හා විදේශීය ශ්‍රම වෙළඳ පොළේ රැකියා අවස්ථා ලබා ගත හැකි වෘත්තීය නිපුණතාවයන්ගෙන් යුත් පිරිසක් බවට පත් කිරීමේ අරමුණින් වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීම පිණිස අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සා.පෙ.) විභාගයේ ප්‍රතිඵල නොසලකා තවත් වසර 02 ක් තුළ වෘත්තීය විෂයන් 26 ක් අතුරින් එක් විෂයක නිපුණත්වය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ.

එම වැඩසටහන 2019 වසරේ සිට දිවයින පුරා පළාත් හා ජාතික පාසල් 860 ක පමණ ජාතික වැඩසහනක් ලෙස ක්‍රියාත්මක කිරීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසාගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ ෴

*******************************************

Moratuwa Uni undergrads invent Thermal Ablation device
(31.08.2018 – dailymirror.lk)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *