අන්තර් පළාත් බස් වර්ජනය අත්හිටුවයි

(11.08.2018 – 09:53 +0530 – hirunews.lk/sinhala)

හෙට (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අන්තර් පළාත් පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය ප්‍රකාශ කළා.

ඔවුන් මෙම වර්ජනයේ නිරතවීමට සැලසුම් කර තිබුණේ ටෙන්ඩර් පටිපාටියේ ගැටළුවක් මුල් කර ගනිමින්.

එහෙත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සමඟ ඊයේ (10) පැවති සාකච්ඡා සාර්ථකවීම හේතුවෙන් මෙම තීරණයට එළඹුණු බවයි එම සංගමයේ සභාපති සරත් විජිතකුමාර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

****************************************

වව්නියාවේදී මත්පෙති 70,000 ක් සමඟ යුවළක් අත්අඩංගුවට
(11.08.2018 – 09:02 +0530 – hirunews.lk/sinhala)

වව්නියාව – සෙට්ටිකුලම් – නේරියකුලම් ප්‍රදේශයේදී ට්‍රැමඩෝල් වර්ගයේ මත්පෙති 70,000 ක් සමඟ යුවළක් අද (11) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් මෙම යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදියි.

24 හැවිරිදි සැකකරු සහ 18 හැවිදිරි සැකකාරිය මාතලේ සහ කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (11) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, බුත්තල පිහිල්ලවෙල ප්‍රදේශයේ දී පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් මත්පෙති සහ මත් කරල් අලෙවි කල සැකකරුවන් තිදෙනෙකු මත්පෙති තොගයක්ද සමග බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20, 27 සහ 28 යන වයස් වල පසුවන්නන් වන අතර ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වූවන් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැල්ලවාය ප්‍රධාන මහේස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ මහතා නියෝග කර තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *