‘19’ සංශෝධනයේ හිලක්.. මහින්දට නැවතත් ජනාධිපතිවරණයට වරම්.. ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණාත්මක මූලික අයිතිවාසිකම් පෙත්සමක්..

(16.08.2018 – 21:56 +0530 – lankacnews.com)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන්වන වතාවටත් ජනාධිපතිවරණයට තරඟ කිරීමේ හැකියාව ඇති බවට නීති විශාරදයන් මත පළ කරන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව තුන්වැනි වතාවට ජනාධිපතිවරණයක් සදහා තරග කල නොහැකි වුවද එම සංශෝධනය අතීතතයට බලපාන ලෙස සම්මත වී නැති බවද ඔවුනගේ මතයයි.

අතීතයට බල නොපාන ලෙස මෙම සංශෝධනයව සම්මත වී ඇති නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියටද නැවත වතාවක් ජනාධිපතිවරණයකට තරග කිරීමට නීත්‍යානුකූල සුදුසුකම් ඇතැයි මෙම පිරිස අදහස් කරයිද වාර්තාවේ දැක්වෙයි.

කෙසේ වෙතත් මෙම කාරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඉදිරිපත් කළ යුතුව ඇති අතර ඒ සඳහා ඉදිරි දිනවලදී මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඉඩ ඇතැයි ද පුවත්පත වැඩි දුරටත් සදහන් කරයි ෴

*************************************

හර්ෂාචාර්යතුමා කද හරහා ඇණකොන්ඩා.. අලුත් පාර්ලිමේන්තුවේදී කට උත්තර නැතිවෙයි..
(16.08.2018 – 22:20 +0530 – lankacnews.com)

දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති ‘අලුත් පාර්ලිමේන්තු’ වැඩසටහනේදී නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් කල ප‍්‍රකාශයක් නිසා බරපතළ ලෙස අසීරුතාවයට පත්විය.

2005 ජූලි මාසයේ අස්සන් කරන ලද ගිවිසුමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යුගයේ සිදු වූයේ යයි දිගින් දිගටම පැවතීම නිසා නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ අපහසුතාවයට පත්විය.

එම කාලයේ දී මෙරට ජනාධිපති ධුරයේ සිටි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වැඩසටහන මෙහෙයවූ සංක අමරජිත් පෙන්වා දුන්නේ බලවත් සේ අපහසුතාවයට පත් කරමිනි.

හර්ෂාචාරියා ඇනකොන්ඩා !

වගකීමෙන් බොරු කියන මේ වගේ ඇමතිල දැක්කොත් අටපට්ටමට කියනෝනෙ සෙනිකවම..

Posted by රට වෙනුවෙන් අපි on Thursday, August 16, 2018

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *