ඒකාබද්ද විපක්‍ෂ මාධ්‍ය හමුවෙන් සියත රූපවාහිනිය ඉවත් කරයි.. බැදුම්කර මුදල් ගත්තේ යයි චෝදනා..

(16.08.2018 – 14:10 +0530 – lankacnews.com)

ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (15) දිනයේ පවත්වන ලද මාධ්‍ය හමුවට පැමිණ සිටි සියත මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී ඒකාබද්ධ විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියා සිටියේ සියත රූපවාහිනී නාලිකාවට ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සඳහා ආරාධනා නොකල බවයි.

මන්ද බැඳුම්කර වංචායෙන් උපයා ගත් මුදල් ආයෝජනය කර ඇති බවට චෝදනා එල්ල වීම මත එම නාලිකාවට තම මාධ්‍ය හමු ආවරණය සඳහා මෙතෙක් ඉඩ නොදුන් බවද ඔවුන් පැවසූහ.

අනාරාධිතව මාධ්‍ය හමුව පෙනීම නිසා ඔවුන් ඉවත් කිරීමට සිදුවූ බවද ඔවුන් සඳහන් කළහ.

*********************************************

CIDය අද හිටපු ජනපතිගෙන් ප්‍රශ්න කරයි
(17.08.2018 – nethnews.lk)

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රශ්ණ කර ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිතයි. ඒ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලාධාරීන් අද (17) පෙරවරුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට යනු ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. මාධ්‍යවේදී කීත් නොයාර්ගේ පැහැර ගැනීම සම්බන්ධයෙන් මෙම ප‍්‍රශ්ණ කිරීම සිදු කෙරෙන බවද සඳහන්ව තිබෙනවා.

මේ පිළිබඳ කළ විමසීමකදි ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් පැවසුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රශ්ණ කරන අවස්ථාවේදී තමන්ද එහි රැඳී සිටීමට අපේක්ෂා කරන බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් සිදු කෙරෙන මෙම ප‍්‍රශ්ණ කිරීම ආණ්ඩුවේ දේශපාලන උවමනාවක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙහිදී චෝදනා කළා.

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීම සම්බන්ධයෙන් මීට පෙර කතානායක කරු ජයසූරිය මහතාගෙන්ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශයක් ලබා ගත්තා ෴

+++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *