ඉන්දියාවෙන් න්‍යෂ්ඨික අපද්‍රව්‍යත් ගසා ඒදැයි පරිසරවේදීන් සැක පලකරයි

(17.08.2018 – nethnews.lk)

ඉන්දියාවේ සිට ගසාගෙනැවිත් ශී‍්‍ර ලංකාවේ වෙරළට ගොඩගසන අපද්‍රව්‍ය නිසා ශී‍්‍ර ලංකාවේ මත්ස්‍ය සම්පතට හානි සිදුවිය හැකි බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.

ඉකුත් දා ඉන්දියාවේ කේරළ ප‍්‍රදේශයේ සිට ගසා ගෙන ආ සායනික අපද්‍රව්‍ය තොගයක් පුත්තලම වෙරළ තීරයට ගොඩ ගසා තිබුණා. ඉන්දියාවෙන් මෙන්ම කලාපීය තවත් රටවල් කිහිපයකින්ද ගසා ගෙන ආ අපද්‍රව්‍ය ශී‍්‍ර ලංකාවේ උතුරු, නැගෙනහිර, බටහිර සහ වයඹ වෙරළ තීරයන්ට ගොඩගසා ඇතැයි පසුව වැඩිදුරටත් වාර්තා වුණා.

මාළුන්ගේ ප්‍රජනන සමය වන මේ කාලයේ මෙමගින් බිත්තර විනාශවීම් මෙන්ම මත්ස්‍ය ප්‍රජාවට හානි සිදුවිය හැකි බව පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම් පවසනවා. ඉන්දියාවේ න්‍යෂ්ඨික අපද්‍රව්‍යද මෙලෙස ශී‍්‍ර ලංකාවට පැමිණීමේ අවධානමක් ඇතැයිද, එසේ වුවහොත් මත්ස්‍ය සම්පතට මෙන්ම ජන ජිවිතවලටද බලපෑම් ඇතිවිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම කරුණු සැලකිල්ලට ගෙන විදේශියන්හි අපද්‍රව්‍ය ශී‍්‍ර ලංකාවට ගොඩගැසීම වළක්වාලීම සඳහා රාජ්‍ය තාන්ත‍්‍රිකව වහා පියවර ගත යුතු බවද පරිසරවේදීන් පෙන්වා දුන්නා ෴

***************************************

ගිවිසුම නිසා සිංගප්පූරුවෙන් ලංකාවට ගේන අපද්‍රව්‍ය ගම්පහට – පොල් ගස් 1500 ක් කපා දමා ඉඩමක් සුදානම් කරයි!
(17.08.2018 – nethgossip.lk)

සිංගප්පූරූ ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම මේ දිනවල දැඩි ආන්දෝලනයට තුඩු දී තිබෙන මාතෘකාවකි. මෙම ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට දැඩි අවාසි සහගත තත්වයක් ඇතිව තිබෙන බවට වෘත්තිකයන්ගෙන්, දේශපාලඥයන්ගෙන් ඇතුලු බොහෝ දෙනෙකුගෙන් චෝදනා එල්ල වූවා.

ඒ අතර බොහෝ දෙනා චෝදනා කළ කරුණක් වූයේ මෙම ගිවිසුම මගින් සිංගප්පූරුව විසින් ඉවත් කරනා සියලු කැලි කසල ශ්‍රී ලංකාවට ගෙනැවිත් දැමීමට අවසරය ලබා දී තිබෙන බවයි.

මේ අතර සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට ගෙන එන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වැල්කැටිය වත්ත නම් ඉඩමේ පොල් ගස් 1500 ක් පමණ කපා දමා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මාධ්‍යයට පවසනවා.

අපද්‍රව්‍ය බැහැර කරන පළමු ස්ථානය ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙම ඉඩම ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් යටතේ ලබාදී බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. මේ සම්බන්ධව ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව දැඩි කනගාටුවෙන් පසුවන බවද මන්ත්‍රීවරයා පවසා සිටියේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *