බියට පත් සිංහල ධීවරයෝ නයාරු අතහැර යති..

(17.08.2018 – News e Lanka)

මුලතිව් නායාරූ ධීවර ගම්මානයේ ධීවර වාඩිවලට ගිණි තැබීමෙන් පසුව ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති නිසා බියට පත් දකුණේ සිංහල ධීවර පවුල් නායාරූ ධීවර වාඩි අතහැර ගොස් තිබේ.

ඔවුන්ට ඔවුන්ගේ ගම්බිම් බලා යාම සදහා ආරක්ෂාව සපයා දෙන මෙන් කළ ඉල්ලීමට අනුව එම ධීවර පවුල් වලට වවුනියාව දක්වා ආරක්ෂාව සපයා දී තිබේ.

නායාරූ ධීවර වාඩි වලට දකුණෙන් පැමිණ මසුන් මරමින් සිටි සිංහල ධීවර පවුල් ඔවුන්ගේ බඩුබාහිරාදිය හා ධීවර ආම්පන්න රැගෙන ගොස් ඇති අතර ඔවුන් ආපසු නො පැමිණෙන බවද පවසා තිබේ.

මුලතිව් නායාරූ මුහුදේ මේ දකුණේ ධීවරයෝ එම කර්මාන්තයේ නිරතව සිටින්නේ මීට වසර හැත්තෑවකටත් ඉහත සිටයි.

නයාරු ප්‍රදේ‍ශයේ සංචාරක ධීවර කර්මාන්තයේ යෙදී සිටි ධීවරයින් පළවා හරින ලෙස පසුගියදා මුලතිව් ධීවරයින් විරෝධතා වැඩසටහන් පැවැත්වු අතර, අදාළ විරෝධතාවයන්ගෙන් අනතුරුව පසුගිය 13 වැනිදා නයාරු ප්‍රදේශයේ සංචාරක ධීවරයින් නැවති සිටි ධීවර වාඩි වෙතද කිසියම් පිරිසක් ගිනි තබා තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් මහතා පැවසූවේ දකුණු පළාතේ සිට නයාරු වෙත ධීවර ජනතාව පැමිණ ධීවර කටයුතු සිදුකිරීම හේතුවෙන් මුලතිව් ධීවර ජනතාවට අසාධාරණයක් සිදුව ඇති බවත් දකුණේ ධීවරයින්ට මසුන් ඇල්ලීමට විශාල ප්‍රදේශයක් පවතින බැවින් අදාළ සංචාරක ධීවරයින්ට ඇති වු ගැටළුව හමුවේ නයාරු ප්‍රදේශයේ නැවති සිටි ධීවරයින් ඉවත් කරන ලෙසට තමන් ඉල්ලා සිටි බවය.

සංචාරක ධීවරයින් මුලතිව් ප්‍රශදේශයේ මසුන් ඇල්ලීම හේතුවෙන් ගැටළු රැසක් උද්ගතව ඇති බැවින් අදාළ පිරිස් ඉවත් කිරීම සුදුසු වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

නයාරු ධීවර වාඩිවලට ගිනි තැබීමෙන් ධීවර වාඩි 8 ක් සහ බෝට්ටු 2 ක් ගිනිගෙන විනාශ වි ඇති අතර, ධිවර වාඩිවල තිබු දැල් ආම්පන්න තොගයක්ද ගින්නට හසු වී විනාශ වි තිබේ.

හලාවත,මීගමුව ආදි ප්‍රදේශවල සංචාරක ධීවරයින් පිරිසක් පැමිණ නයාරු ප්‍රදේශයේ ධීවර රැකියාව සිදුකළ අවස්තාවේද මුලතිව් ධීවර ජනතාව ඊට දැඩි විරෝධතාවයක නිරත වූහ.

මුලතිව් නායාරූ ධීවර ගම්මානයෙන් සිංහල වැසියෝ පොලිස් ආරක්ෂාව මැද ඉවත්ව යන ඡායාරූප මෙහි දැක්වේ :





– දිනසේන රතුගමගේ

**********************************************

නවක වධය දෙන්නට එන උත්තමයාට හෝ උත්තමාවියට කණ පැලෙන්න දී තමන්ගේ අයිතිය රැක ගන්න; අපි ආරක්ෂාව දෙනවා – උසස් අධ්‍යාපන ඇමැති
(17.08.2018 – News e Lanka)

ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියෙන් නවක වදය මුලිනුපුටා දැමීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත්, නවක වද පනත 100% කින්ම ක්‍රියාත්මක කරන බවත්, තමන්ට නවක වධය දෙන්නට එන උත්තමයාට හෝ උත්තමාවියට කණ පැලෙන්න දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනු ලැබී ඇති තමන්ගේ අයිතිය භාවිතා කරන ලෙසත් එසේ කරන අය ආරක්ෂා කරන්නේ යයි උසස් අධ්‍යාපන ඇමැති විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (16) මාතර-කඹුරුපිටියේ දී රුහුණු විශ්ව විද්‍යාලයේ එක් විද්‍යා පීඨයක් සිසු අයිතියට පත් කිරීමට සහභාගී වූ අවස්ථාවේ දීය.

එහිදී වැඩි දුරටත් කතා කළ විජේදාස රාජපක්ෂ මහතා බොහෝ දෑ හෙළි කෙළේය. සයිටම් උද්ඝෝෂණ සංවිධානය කළ දේශපාලන නායකයන්ට ඒ සඳහා කෝටි ගණනින් මුදල් ලැබුණු බවත් සුපිරි යාන වාහන ලැබුණු බවත් හෙළි කළ ඇමැතිවරයා ලොකු වුනත් පොඩි වුනත් සරසවි තුල කඩාකප්පල් කාරී ක්‍රියා කරන වුන්ට එරෙහිව දැඩිව ක්‍රියා කරන බව පැවසීය. ඒ සඳහා ක්‍රියා කරන සරසවි පාලක මණ්ඩල ආරක්ෂා කරන බවද හේ පැවසීය.

විජේදාස රාජපක්ෂ මහතාගේ කතාව පහතින් :

++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *