‘නිර්වස්ත‍්‍රං පරමං සුඛං’ වේස බැල්ලිගේ කාර්යාලයෙන් නාට්‍ය මාලාවක්.. බුදු දහමට මහා අපහාසයක්..

(17.08.2018 – 22:22 +0530 – lankacnews.com ඇසුරෙන්)

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් පවතින ජාතික සංහිඳියා හා ඒකාබද්ධතා කාර්යාලයේ විසින් බුදු දහම විකෘති කරමින් හා අපහාස කරමින් නාට්‍ය කිහිපයක් නිර්මාණය කර ඇති බවයි ජාතික හෙළ උරුමයේ හිටපු නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ චෝදනා කරයි.

ඇඹිලිපිටියේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි උන්හන්සේ කියා සිටියේ එම කාර්යාලයේ නිල වෙබ් අඩවිය මගින් ද දාල නාට්‍ය සම්බන්ධයෙන් කර ඇති හැඳින්වීමද බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශන අඩංගුව ඇති බවයි.

එම නාට්‍ය මාලාව ‘කණට පාරක්’ නමින් නම් කර ඇති බවද සඳහන් කළ උන්වහන්සේ මේ ආකාරයේ කටයුතු වලට විරුද්ධ වන බව ද සඳහන් කළේය.

+++++++++++++++++++++++++++++++++++++++

සංහිඳියා කාර්යාලයට අලුත් චෝදනාවක්
(17.08.2018 – 19:08 +0530 – hirunews.lk/sinhala)

ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය මගින් ප්‍රචාරය කිරීමට නියමිත ගුවන්විදුලි නාට්‍ය මාලාවකින් බුදු දහමේ හරයන්ට හානි සිදුවන බවට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් චෝදනා කරනවා.

උන්වහන්සේ මෙම කරුණු අනාවරණ කළේ ඇඹිලිපිටියේ අද පැවති මාධ්‍ය හමුවකදියි.

උන්වහන්සේ කියා සිටියේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අදාළ කාර්යාංශයේ සභාපතිත්වය දරණ බවයි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සභාපතීත්වයෙන් යුත් ජාතික සංහිඳියා හා ජාතික ඒකාබද්ධතා කාර්යාලය මගින් නිෂ්පාදනය කෙරෙන මෙම නාට්‍ය මාලාව නම් කර ඇත්තේ ‘කණේ පහර’ නමින්.

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කරන්නේ එමගින් බුදු දහම අපහාසයට ලක් කිරීමේ සැළසුමක් ක්‍රියාත්මක වන බවයි.

අදාළ කාර්යාලය මගින් ක්‍රියාත්මක වන නිල වෙබ් අඩවියේ බුදු දහමට අපහාස වන ආකාරයෙන් නිෂ්පාදනය වන එම ගුවන් විදුලි නාට්‍යවල නම් සඳහන් කර ඇති බවද උන්වහන්සේ කියා සිටියා.

++++++++++++++++++++++++++++++++++

New Radio Drama Series launched by ONUR

August 14, 2018 OnurAdmin Press Releases, Top StoriesNo comments

The Office of National Unity and Reconciliation (ONUR) has launched a radio drama series to help develop people reflect on issues related to national unity, empower them to be creative, and to encourage critical thinking of day-to-day issues faced in communities.

The radio drama series titled “Kanata Paharak”, produced by ONUR is directed by Award Winning Script Writer & Director Malaka Dewapriya. Apart from the Saturday Night broadcasting of the radio dramas through ITN radio, ONUR expects broaden the coverage and promotion of the radio dramas by sharing the episodes with the listeners through CDs, Downloadable YouTube content and through Podcasts.

At a time where it seems that with the advent of television and film, the trend of radio plays are lost, ONUR hopes that this initiative will contribute towards a positive dialogue in the society. People have come to believe that television and film is superior, that the power of visual language is superior and more powerful, but it is also a known fact that when it comes to developing imagination, creativity, critical thinking and aesthetic knowledge, radio plays have been identified as an influential medium.

The collection in ‘Kanata Parak’ includes twelve episodes including 10 Sinhala language and 2 Tamil language plays. The titles of the radio dramas are captioned in very engaging themes such as “Tharuwan Saranai (Blessed by Star)”, ‘Nihon Sepalebewa’ (May you attend comfort worldly life in Nihon)”, “Alayaka Damanaya (Love Tamed)”, Nirabhishekana (Felicitation)”, “Nirwasthran Paraman Sukhan (being Naked is the best policy)”, “Funsalak”, Roma Ruupana (Perform in Rome)”, “Suwadena Agni (Soothing Fire)”, “Rangadena Kapuwo (Trickster Matchmakers)”, Ekathana Kerakuma(Stagnation)”, “Nawanalu Dahama (Tele Actor)”, and “Bashmaanthara (interaction )”.

http://onur.gov.lk

++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++

හිටපු ජනපතිනි චන්ද්‍රිකා වැඩ අරඹයි, බුදු දහමට පහර දෙන්න රජයේ නාළිකාම පෙරට එයි – බුදු දහමට අපහාස කරනා නාට්‍යය රොත්තක් රජයෙන්ම!
(18.08.2018 – nethgossip.lk)

වසර දහස් ගණනක පෞඩ ශිෂ්ඨාචාරයකින් පැවත එන ශ්‍රී ලාංකික අප සභ්‍යත්වයට යොමු කළේ උතුම් බුදු දහමයි. ශ්‍රී ලාංකිකයන් ශික්ෂණයේ පිහිටු වීමත්, ඔවුන්ට වටිනා සංස්කෘතියක් දයාද කිරීමටත්, ජිවිතයේ සත්‍ය සොයා යන මාර්ගය ඉගැන්වීමත් සිදු වූයේ උතුම් බුදු දහමෙනි.

පුරාණ රජ දරුවන් වෙහෙර විහාර කරවා රජ අනුග්‍රහය ලබා දෙමින් බුදු දහම රැකගත් නිසා ශ්‍රී ලාංකික අපිට මෙම වටිනා ධර්මය අදටත් දයාද වී තිබේ. නූතන විද්‍යාව ඉදිරියේ පවා අභියෝගයට ලක් නොවන බුදු දහම වර්තමානයේ බටහිර රටවල් පවා සීග්‍රයෙන් වැළද ගනිමින් සිටියි. ශ්‍රී ලංකාවේ උරුමය සහ සංස්කෘතිය බුදු දහම සමග බැඳී පවතින නිසාම රටේ ව්‍යවස්තාවෙන් පවා බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දී බුදු දහම ආරක්ෂා කිරීමටත් ව්‍යවස්තාවෙන්ම රජය බැඳී සිටියි.

කෙසේ වෙතත් වර්තමානයේ රජයේ ආයතන යොදා ගනිමින්ම බුදු දහමට අපහාස කිරීමේ සහ බුදු දහම විකෘති කිරීමේ උත්සාහයක් පවතින බවට වාර්තා වනවා. මේ බව හෙළිකරන්නේ පූජ්‍ය ඕමල්පේ සෝභීත හිමියන් විසියන්.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ සභාපතීත්වයෙන් යුතු ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාංශය රජයට සම්බන්ධ ආයතනයකි. සංහිඳියාව ඇති කරනවා යැයි කියමින් මෙම ආයතනය බුදු දහමට අපහාස කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.


හිටපු ජනාධිපතිනි අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග උත්තමාවිය

මෙම කාර්යාලය මගින් රජයේ ගුවන් විදුලි නාළිකාවල ප්‍රචාරය කිරීම සදහා ගුවන් විදුලි නාට්‍ය කිහිපයක් සාදා තිබේ. කණට පහරක් ලෙස නම් කර තිබෙන මෙම ගුවන් විදුලි නාට්‍ය ඔස්සේ බුද්ධ ධර්මයට අපහාස වන බවට සෝභිත හිමියන් පවසනවා.

සෝභිත හිමියන් පවසනා ආකාරයට මෙම ටෙලිනාට්‍ය සදහා නම් තබා ඇත්තේ අමුතු ක්‍රමයකටය. එම නාට්‍යය නාම වන්නේ :

(1) “නිහොන් සැප ලැබේවා”, එනම් බුදු දහමෙ එන නිවන් සැප ලැබේවා පාඨය විකෘති කරමින්,
(2) “තරුවන් සරණයි”, තෙරුවන් සරණයි පාඨය විකෘති කරමින්
(3) “නිර්වස්ත්‍රං පරමං සුඛං”, නිබ්බානන් පරමං සුඛං පාඨය විකෘති කරමින් බව සෝභිත හිමියන් පවසනවා.

මෙලෙසින් බුදු දහමේ පාඨ විකෘති කරමින් මෙම ගුවන් විදුලි නාට්‍යය සාදා තිබෙන්නේ බුදු දහමට අපහාස කිරීමට බවත් ඒ හිමියන් අදහස් දක්වා සිටියා. මෙම රාජ්‍ය ආයතනයේ සභාපතිනි හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරණතුංගගේ අනුග්‍රහයෙන් මෙම කටයුතු සිදුවන බවත් සෝභිත හිමියන් පවසනවා.

බුදු දහම ආරක්ෂා කිරීමට බැඳී සිටින රජයක් රාජ්‍ය මාධ්‍ය උපයෝගී කරගෙන සිදු කරනා මෙම අපචාරය වහාම නතර කළ යුතු බවටත් සෝභිත හිමියන් රජයට පවසා සිටියා.

මේ අතර මෙම නාට්‍යය සදහා අයිරාංගනි සේරසිංහ, මහේන්ද්‍ර පෙරේරා, ලූෂන් බුළත්සිංහල ආදී නළු නිළියන් දායකත්වය ලබා දෙන බවටද එම ආයතනයේ වෙබ් අඩවියේ සදහන්ව තිබේ. මාලක දේවප්‍රිය නම් පුද්ගලයෙකු විසින් මෙම නාට්‍ය අධ්‍යක්ෂණය කරනු ලබයි.

මේ අතර සිදුවීම පිළිබදව අදහස් දක්වන හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පවසන්නේ මෙම ක්‍රියා සදහා විදේශිය රට වලින් විශාල මුදල් ආධාර ලැබෙන බවත්, එම මුදල් ආධාර උදෙසා මෙම බුදු දහමට පහර ගසනා නාට්‍ය නිර්මාණය කෙරෙන බවයි ෴

++++++++++++++++++++++++++++++++++

20.08.2018

++++++++++++++++++++++++++++++++++

කලාකරුවන්ගෙන් මම ඉල්ලීමක් කරනවා ආගම්වලට අපහාස කරන නිර්මාණවලට දායක වෙන්න එපා
(21.08.2018 – mawbima.lk)

කලාවේ නාමයෙන් සිදු කරන මේ අපචාරයන් නැවැත්වීමේ ප්‍රධාන වගකීම තියෙන්නේ නළු නිළියන්ටයි, කලාකරුවන්ටයි, කලාකාරිනියන්ටයි. මුදල පමණක් අගයකොට සලකන ඇතැම් පිරිස් මේ වගේ වැරැදි වැඩවලට පෙලඹෙනවා. අපි කරුණාවෙන් කියනවා කලාකරුවන්ට, කලාකාරිනියන්ට අසාධාරණ අයුක්තිසහගත මෙබඳු වැඩපිළිවෙළවලට ඉදිරිපත් වෙන්න එපා කියලා යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් කීය.

බෞද්ධ ආගමට අපහාස වන අයුරින් ගුවන් විදුලි වැඩසටහන් කිහිපයක් ප්‍රචාරය කිරීමට සූදානමක් ඇති බව මාධ්‍යවලින් දැනගත් වහාම මාධ්‍ය හමුවක් කැඳවමින් ඇඹිලිපිටියේදී උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් :

‘‘බෞද්ධයන්ට අපහාස කිරීම පමණක් නෙවෙයි ක්‍රිස්තියානි හෝ වේවා මුස්ලිම් හෝ වේවා හින්දු හෝ වේවා කිනම් ආගමකට අවඥා, සහගත ආකාරයේ කලා නිර්මාණවලට දායකත්වය දෙන්න එපා.

බුද්ධාගමට එරෙහිව බෞද්ධාගමික සම්ප්‍රදාය අපහාසයට උපහාසයට ලක් වන ආකාරයෙන් සකස් කළ වැඩසටහනක් සම්බන්ධයෙන් අපි හෙළිදරව් කළා. ඒ නාට්‍ය නිර්මාණයක්. ඒ නාට්‍ය නිර්මාණය ප්‍රකාශයට පත් කරන්නට යෝජනා කරගෙන තිබුණේ රජයේ ගුවන් විදුලිය මඟින්. මේ නිර්මාණවල තිබෙන බරපතළ බව හානිකර බව පිළිබඳ අපි මාධ්‍යයෙන් හෙළිදරව් කිරීමක් කළා.

මේ පිළිබඳව අපි අදාළ අංශ සමඟ සාකච්ඡා කළා විශේෂයෙන්ම මම වත්මන් ආණ්ඩුවේ සංස්කෘතික සහ උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමඟ. ඔහු මේ සම්බන්ධයෙන් බොහොම සංවේදීව අදහස් පළ කළා. ඒ වැඩසටහන සම්පූර්ණයෙන්ම අවලංගු කළා. ජාතික සමඟිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාංශයෙන් අත්තනෝමතික ලෙස අදූරදර්ශී ලෙස සකස් කරන ලද ඒ නාට්‍ය වැඩසටහන ප්‍රචාරය කරන්නේ නැහැ කියන බව අපිට දැනුම් දුන්නා. මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාට අපි ස්තුතිවන්ත වෙනවා.

ප්‍රධාන ජනවර්ගය ජන සංයුතිය සමස්ත ශ්‍රී ලාංකේය ජාතිය ප්‍රධාන වශයෙන් සංයුත්ත වන්නේ සිංහල බෞද්ධයන්ගෙන්. මේ වගේ සිංහල බෞද්ධ ජනතාවගේ සිත් කලකිරවන, සිත් පෑරෙන, සිත් සංවේගයට හා දුකට පත්වන කලකිරවන කටයුතුවල නිරතවන්නේ නම් වන්නේ තියෙන සංහිඳියාවත් නැතිවන එකයි.

එම නිසා මේ වැඩපිළිවෙළ තාවකාලික ජයග්‍රහණයක් පමණයි. අපි අගමැතිතුමා, ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට මතක් කරනවා මේ රටේ රාජ්‍ය නායකයන් හැටියට හැම දෙනාගේම වගකීම බුද්ධාගමට අපහාස උපහාස වන ආකාරයට මෙබඳු ක්‍රියා ඉදිරියටත් සිදු නොවන්නට වගබලා ගැනීම.

මේ පුවත පළ වුණේ ඩේලි නිවුස් පත්තරේ පමණයි. මේ සිද්ධිය පළ වුණේ සිංහල මාධ්‍යයෙන් මේක ගියේ නැහැ. ඒකෙනුත් පේනවා මේක හංගලා කරන්න හදාපු එකක්.

මේ විරෝධතාව මේ කරුණු දැක්වීම මාධ්‍යයෙන් සිදු නොවුණා නම් සත්‍ය වශයෙන්ම බරපතළ විපාක සහිත වාතාවරණයක් මතුවන්න තිබුණා.’’

++++++++++++++++++++++++++++++++++

වේදිකා නාට්‍ය කිහිපයක අවසර පත්‍ර යළි කැදවයි
(18.08.2018 – 13:17 +0530 – hirunews.lk/sinhala)

රැගුම් පාලක මණ්ඩලයේ අනුමැතියට යටත්ව ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශය මගින් රඟදැක්වීමට නියමිත වේදිකා නාට්‍ය කිහිපයක අවසර පත්‍ර නැවත කැදවීමට රැගුම් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ, අනුමත කරන ලද රෙගුලාසිවලට පිටින් ගොස් සමාජ මාධ්‍ය ඔස්සේ පූර්ව ප්‍රචාරක පට පළ කිරීම පිළිබදව ලැබී ඇති මහජන පැමිණිලි හේතුවෙන්.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් රැගුම් පාලක මණ්ඩලයේ සභාපති සමන් අතාවුදහෙට්ටි සඳහන් කළේ අදාළ අවසර පත්‍රය යළි කැදවීමෙන් පසු එම නාට්‍ය රඟ දැක්වීමට අවසර හිමි නොවන බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද තමන් අදාළ අංශ දැනුවත් කර ඇති බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

අප මේ සම්බන්ධයෙන් අදාළ නාට්‍ය නිර්මාණ ශිල්පී අසංක සායක්කාරගෙන් විමසා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රැගුම් පාලක මණ්ඩලයට තමන් යළි අභියාචනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි ෴

++++++++++++++++++++++++++++++++++++++++

කනේ පහර සී.ඩී. තැටි සී.අයි.ඩී. යෙන් ඉල්ලයි
(12.10.2018 – 17:08 +0530 – lankadeepa.lk)

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සභාපතීත්වය දරණ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය මගින් බුදුදහම අපහාසයට සහ උපහාසයට ලක් කෙරෙන නාට්‍ය මාලාවක් නිෂ්පාදනය කළැයි කියන සිද්ධියට අදාළව ඒවා විකාශනය වූ ස්වාධීන ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත ගොස් ප‍්‍රකාශයක් ලබාදෙන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිනාසායක මහතා නියෝගයක් නිකුත් කර ඇත.

එසේම, ‘කනේ පහර’ නමින් නාට්‍ය 10 කින් සමන්විත එම නාට්‍ය මාලාවේ සී ඩී තැටි ද සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත භාරදෙන ලෙසටද අධිකරණය නියෝග කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Time the government is swept out of power. All Buddhists must assemble and surround the said ONUR office, and Sri Lanka Broadcasting and demonstrate agaisnt this kind of insulating and denigrating behavior of authorities against Buddhism. All Buddhsist must stand together. Let us have our Buddhist monk leading this campaign instead of just talking about it. Time these NGOs are banned in Sri Lanka.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *