විදෙස් ලාංකියන්ගේ ලිපි ලේඛන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින්

(20.08.2018 – 19:19 +0530 – lankadeepa.lk)

විදෙස් ගත ලාංකිකයින්ට අවශ්‍ය උප්පැන්න සහතික , විවාහ සහතික ඇතුළු සියලු ලිපි ලේඛන සහතික කර ගැනීමේ ක‍්‍රමවේදය දිවයිනේ පිහිටි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ව්‍යාප්ත කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.

මෙම අවබෝධතා ගිවිසුම යටතේ නියමු ව්‍යාපෘතියක් වශයෙන් ගාලූ දිස්ත‍්‍රික්කයේ පිහිටි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 19 ක මෙම ක‍්‍රමවේදය ව්‍යාප්ත කෙරෙන අතර ඉන් අනතුරුව දිවයින පුරා පිහිටි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 332 වෙතටම මෙම පහසුකම ව්‍යාප්ත කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශ සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

මෙම නියමු ව්‍යාපෘතිය වෙනුවෙන් කැනේඩියානු රජය ජාත්‍යන්තර සංක‍්‍රමණික සංවිධානය හරහා රුපියල් මිලියන 6.8 ක් වටිනා උපකරණ ප‍්‍රදානය කර තිබේ.

මෙම ව්‍යාපෘතිය ඔස්සේ නව්‍ය, විමධ්‍යගත හා වඩාත් දියුණු කොන්සියුලර් සේවාවක් ඩිජිටල්කරණය ඔස්සේ ජනතාව වෙත සේවාවන් ලබා දීමට විදේශ කටයුතු අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

කොළඹ පිහිටි කොන්සියුලර් කටයුතු අංශයට නොපැමිණ ළඟම පිහිටි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිය ලිපිලේඛන සහතික කර ගැනීම පහසුවෙන්ම සිකර ගැනීමට මහජනතාවට ඉඩ සැලසෙන බවද එම අමාත්‍යාංශය කියා සිටී.

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ඉකුත් 16 වැනි දා පැවැති දිසාපතිවරුන්ගේ සමුළුව අතරතුරදී විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප‍්‍රසාද් කාරියවසම් සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී. කොඩිකාර යන මහත්වරුන් විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ ෴

**************************************

රහසිගත තවත් ගිවිසුම් කිහිපයක් ගැන වෛද්‍ය සංගමය සැකයෙන්
(20.08.2018 – nethnews.lk)

විදෙස් රටවල් සමඟ තවත් ගිවිසුම් කිහිපයකට රහසිගතව එළඹීමට ආණ්ඩුව සූදානම් වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (20) චෝදනාවක් කළා.

ඉන්දියාව සමග කරගෙන යාමට නියමිත එක්ටා ගිවිසුම සහ තායිලන්තයත් සමග ගිවිසුමක් කරගෙන යාමට උත්සහ කරන බව අපි දන්නවා. ඒ සම්බන්ධයෙන් කැඳවීම් කරලා තියෙනවා ලිපියක් මාර්ගයෙන්. ඒ ඊමේල් ලිපිය අපිට ලැබිලා තියනවා. අපිට දැනගන්න ලැබිලා තියනවා ඉන්දුනීසියාව සහ මැලේසියාව සමග ද ගිවිසුම් ගතවීමට කටයුතු යොදාගෙන යන බව. ගිවිසුම් ගතවීමට අවශ්‍ය කරන මුලික කරුණු ටිකවත් අපි සලකලා බලන්නේ නැතුව අප රට ඉතාම භයානක තත්ත්වයකට මුහුණ දීමට නියමිහව තිබෙන හින්දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ගැන නිරතුරුවම අවධානයෙන් සිටින බව එහි විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සදහන් කර සිටියා.

ප‍්‍රශ්නගත සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අහෝසි කළ යුතු බවද මෙහිදී නැවත අවධාරණය කෙරුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *