“බුදුන්ගේ රස්තියාදුව” කෘතියට එරෙහිව නීතිමය පියවර ගන්න : ඇමතිවරයා පොලිස්පතිට දන්වයි

(20.08.2018 – nethnews.lk)

බුදුන් වහන්සේට හා බුදු දහමට නිගා දෙන අයුරින් ලියා පළකර තිබෙන බුදුන්ගේ රස්තියාදුව නම් කෘතිය සම්බන්ධයෙන් නිතිමය පියවර ගන්නා ලෙස මෙන් දන්වා උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ගෙන් අද (20) ලිඛිතව ඉල්ලා තිබෙනවා.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටින්නේ එම කෘතිය අන්තර්ගතය තුල ඉතා පහත් සහ නිහින ලෙස බුදුන් වහන්සේට නින්දා සහ අපහාස කර ඇති බවයි. එමගින් සමස්ත බුදු දහම නිගාවට ලක් කර ඇති බවත් ශ්‍රී ලාංකීය මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනයා මෙම කෘතිය හේතුවෙන් මහත් පිඩාවට සහ චිත්ත කම්පාවට පත්ව සිටින බවයි.

මේ හේතුවෙන එම කෘතියේ කතෘ, ප්‍රකාශකයන්, බෙදාහරින්නන් සහ අලෙවි කරන්නන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 290, 290 A, 291 A සහ 291 B වගන්ති යටතේ සාපරාධි ක්‍රියාවක් සිදුකර ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා අදාළ පුද්ගලයින්ට එරෙහිව නඩු පවරා දඬුවම් පැමිණවීමට කටයුතු කරන ලෙස මෙහිදී අමාත්‍යවරයා පොලිස්පතිවරයාට යැවු ලිපියේ සඳහන්ව ඇත.

***********************************************

20.08.2018

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

  • It is about time this rotten government takes some action to uphold the respect for religions in the country. Those that denigrate religions must be taken to the ocurts to be dealth with appropriately.

  • Samantha manthrithuma waradi thorathrak dunnada kiyala keyanna mama danne neha. Parlimenthuwe ugathun inna one kiyala mathayak godaneggenne,ugathkama buddiye ekthara pilibmibuwak kiyala mulu lokayam piliganna nisa.habai ape parlimenthuwe hitapu saha inne amu modayo kiyalanam mulu lankawama dannawa.mokada mechara sampath thiyana ratak den inna thathweta watenna balapapu minissu set eka hitiyeth,inneth parlimenthuwe.

    (සමන්ත මන්ත්‍රීතුමා වැරදි තොරතුරක් දුන්නද කියලා කියන්න මම දන්නෙ නැහැ. පාර්ලිමේන්තුවේ උගතුන් ඉන්න ඕනෙ කියලා මතයක් ගොඩනැගෙන්නෙ, උගත්කම බුද්ධියේ එක්තරා පිලිබිඹුවක් කියලා මුලු ලෝකයම පිළිගන්න නිසා. හැබැයි අපේ පාර්ලිමේන්තුවේ හිටපු සහ ඉන්න අමු මෝඩයෝ කියලා නම් මුලු ලංකාවම දන්නවා. මොකද මෙච්චර සම්පත් තියෙන රටක් දැන් ඉන්න තත්වයට වැටෙන්න බලපාපු මිනිස්සු සෙට් එක හිටියෙත්, ඉන්නෙත් පාර්ලිමේන්තුවේ.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *