මැතිවරණ කොමසාරිස් මාස 4 කට පෙර ලලිත්ලාට අනතුරු ඇඟවූ හැටි : මෙන්න සාක්කි..! ගොංධුලට පිළිතුරු

(11.09.2017 – 05:45 +0530 – lankaenews.com)

ජනාධිපති හිටපු ලේකම් ලලිත් වීරතුංග ජනාධිපතිවරණයේ දී තම අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂට වාසි ගෙන දෙන අන්දමින් මහජන මුදල් වියදම් කර ප්‍රචාරක කටයුතු කිරීමේ වරදට අධිකරණයෙන් සිර දඬුවම් දුන් විට රාජපක්ෂවාදී හොරු රැල එය සිල් රෙදි බෙදීමට විරුද්ධ වීමක් බුද්ධාගමට එරෙහි වීමක් යැයි කරුණු විකෘති කරමින් නීතියට ගරු නොකර අසත්‍යය ප්‍රචාර කරනු දක්නට ලැබේ.

ජනාධිපතිවරණයට පෙර දී 2014 සැප්තැම්බර් මාසයේ පැවැති ඌව පළාත් සභා මැතිවරණයේ දී පවා මැතිවරණ කොමසාරිස් වරයා විසින් මෙම සිල් රෙදි බෙදීම ගැන අනතුරු අඟවා ඇත. එය ලලිත් වීරතුංග විසින් පිළිපැද නොමැති බව තහවුරු කෙරෙන සාක්කි මෙසේය.

ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය පරිපාලන සේවයේ ප්‍රධානියා වුවද ඔහු මැතිවරණයක දී මැතිවරණ කොමසාරිස් වරයාගේ නියෝග පිළිපැදිය යුතුය. මැතිවරණ කොමසාරිස් වරයා කිසිදු විටෙක ජනාධිපති ලේකම්ට වග නොකියන්නේය. ඒ තත්ත්වය යටතේ 2014 සැප්තැම්බර් ඌව පළාත් සභා මැතිවරණයේ දී ද ප්‍රචාරක වාසි තකා මොවුන් විසින් සිල් රෙදි බෙදද්දී මැතිවරණ කොමසාරිස් වරයා ලිඛිතව එය වැරදි බව දන්වා ඇත. 2014 සැප් 08 වෙනි බිනර පසලොස්වක දා පළාතේ පන්සල්වලදී මෙම බෙදා දීම සිදුකර ඇත. ඒ ගැන සන්ධාන ලේකම් වූ සුසිල් ප්‍රේමජයන්තට, ඩලස් අලහප්පෙරුමට සහ එවක ශ්‍රීලනිප ලේකම් වූ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අනතුරු අඟවමින් නිකුත් කර ඇති ලිපියේ මෙසේ දැක්වේ. මෙය මාධ්‍ය මගින්ද ප්‍රසිද්ධ කෙරිණ.

“නියං ආධාර ලෙස වියළි ආහාර බෙදා දීම හා මූල්‍ය ආධාරත් ආහාර ද්‍රව්‍ය මලුත් බෙදා දීම ඉඳුරාම රාජ්‍ය සම්පත් අයථා ලෙස පරිහරණය කිරීමක් වන අතර සිල් රෙදි රජයේ මුදල් වැය කොට ලබා දී ඇත් නම් එයද එම ඝනයට වැටේ. සිල් රෙදි ලබා දීම සිදුවූයේ කිසියම් කෙනෙකුගේ පුද්ගලික ධනය වියදම් කරමින් වුවද ඡන්ද විමසන කාල සීමාවක් තුලදී ඡන්ද අපේක්ෂකයන් හෝ දේශපාලනඥයන් මැදිහත් වී අපේක්ෂකයන්ගේ නම් හෝ අංක ප්‍රදර්ශනය වන ආකාරයට සිදුකලේ නම් එයද නීති උල්ලංඝනයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.“

මෙහිදී මැතිවරණ කොමසාරිස් වරයා ඉතා පැහැදිලිව පවසන්නේ සිල් රෙදි බෙදීම පුද්ගලික ධනයෙන් කළත් වරදක් බවයි. මැතිවරණ කොමසාරිස් වරයා වැඩි දුරටත් මෙසේද පවසා ඇත.

“පසලොස්වක් පොහොය දිනයකදී විහාරස්ථාන වලදී සිල් රෙදි බෙදා දීම දේශපාලන අරමුණක් සඳහා යොදවා ගැනීමෙන් බුද්ධාගම හෑල්ලුවට ලක් කිරීම ගැනද සැලකිය යුතුය. එසේම මෙම බෙදා දීම් වලට බෞද්ධ නොවන ඡන්ද අපේක්ෂකයන් සහභාගී වීමද බෞද්ධ වුවද විහාරස්ථානයකට පා තබා නැති අපේක්ෂකයන් සහභාගී වීම ද විහිලුවට කරුණක් බව පෙන්වා දිය යුතුය. මෙම සිද්ධීන් පිලිබඳ වීඩියෝ හා හඬ පට මා වෙත ලැබී තිබේ. “

මෙහි දී මැතිවරණ කොමසාරිස් වරයා වැඩි දුරටත් මෙසේ පවසයි :

“මෙම කාරණා මුල් කොට ගෙන කිසියම් පුද්ගලයෙකු ආයතනයක් මාද පාර්ශව කරුවෙකු ලෙස නම් කරමින් අධිකරණයට ගියහොත් මා වෙත ලැබී ඇති මෙම සාක්කි අධිකරණයට ඉදිරිපත් කිරීමට මට සිදුවේ. මේවා මැතිවරණ දූෂණ සේ සලකන බැවින් අපේක්ෂකයන් වැරදි කරුවන් වුවහොත් ඡන්දයෙන් ජය ගත්තද ඔවුන්ගේ අසුන් අහිමිවීමට ඉඩ ඇතිබවද සැලකිල්ලට ගැනීම වටී. “

(මැතිවරණ කොමසාරිස් වරයාගේ එම සම්පූර්ණ ලිපිය පහත ඉමේජයක දැක්වේ)

මැතිවරණ කොමසාරිස් වරයා 2014 සැප්තැම්බර් මාසයේ දී ඉතාමත් පැහැදිලිව සිල් රෙදි බෙදා දීමේ වරද ගැන අනතුරු අඟවා තිබුනද ලලිත් වීරතුංගලා 2015 ජනවාරි ජනාධිපතිවරණයේ දී ද එම වරදම දැන දැන කරන්නේ අන් කිසිවක් නිසා නොව එම මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂම යලි ජය ගනු ඇතැයි යන අංහකාර ගොබ්බ සිතුවිල්ල නිසාය. වරදක් බව දැන දැනත් මහින්ද ජය ගත් පසු දඬුවම් නොලැබෙන බවට ඇති විශ්වාසය නිසාය.

එපමණක් නොව ලලිත් වීරතුංග වනාහී සිතා මතා දූෂණයට අනුබල දුන් පරයෙකු බව සහතික කෙරෙන තවත් ලිපියක් මෙහි දැක්වේ. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අරමුදල් වලින් ඡන්ද කාලයේ දී අරලියගහ මැදුරේ පැවැත්වූ දන්සැල් වලට වියදම් කිරීම ගැන විගණන පරීක්ෂනයක් සිදුකරද්දී එය වහාම නතර කරන්නැයි නියෝග කරමින් ලලිත් වීරතුංග විසින් BMICH හි සභාපති එම්.ඩී.ඩී. පීරිස් මහතාට යැවූ ලිපියක් මෙහි දැක්වේ. ( පහත ඉමේජය විශාල කර කියවන්න)

ඉහත සාක්කි වලින් ඔප්පු වන්නේ ලලිත් වීරතුංග යනු සිතා මතා දූෂනයේ යෙදුනු රාජ්‍ය නිලධාරියෙකු මිස බුද්ධ පූජාවක් නොවන බවය.

ලලිත්ලා අනුෂලා මහජන මුදලින් බෙදන ලද්දේ සිල් රෙදි පමණක් නොවන බවත් ඒවා අතර මහින්ද රාජපක්ෂගේ රුව සහිත ඔර්ලෝසුද තිබූ බවත් ඔප්පු කෙරෙන සේයාරුවක් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වූ කැෆේ සංවිධානය විසින් එකල නිකුත් කර තිබිණ. පහත ඉමේජයක ඒ බවද දැක්වේ.

දැනට බන්ධනාගාර රෝහලේ ‘සිර සැප‘ විඳින ලලිත් සහ අනුෂ විසිට් කර පැමිණි බන්ධුල ගුණවර්ධන විසින් ප්‍රකාශ කරන ලද ගොබ්බ තර්ක වලට පිළිතුරු දෙන වීඩියෝවක් පහතින් නරඹන්න :

——————————-

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *