රෝසිගේ නිල නිවස අලුත්වැඩියාවට මසකට ලක්‍ෂ තුනක්… නිල කාර්යාලයේ ඉපැරණි කිරිගරුඩ පිලිමය අතුරුදන්..

(25.08.2018 – 13:20 +0530 – lankacnews.com)

කොළඹ නගර සභාවේ නගරාධිපති ගිහින් රෝසි සේනානායක මහත්මියගේ නිළනිවසේ පවිත‍්‍රතා කටයුතු වෙනුවෙන් මසකට ලක්ෂ තුනක පිරිවැයක් අනුමත කිරීමට නගර සභාව ඉදිරිපත් වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීනී ශ්‍යාමලි ගෝණවල මහත්මිය පවසයි.

ඊයේ දිනයේ කොළඹ නගර සභාව රැස්වූ අවස්ථාවේ ඇති වූ උණුසුම් තත්ත්යයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව කියා සිටියාය.

එමෙන්ම ජනාධිපතිනියගේ නිල කාමරයේ තිබුණේ ඉපැරණි කිරිගරුඩ පිළිමය ද අතුරුදන් වී ඇතැයි කී ඇය මේ වන තෙක් එය සොයාගැනීමට නොහැකි වී ඇතැයිද කියා සිටියාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී මහින්ද කහදගම මහතා කියා සිටියේ රෝසි සේනානායක මහත්මිය ආ සැනින්ලක්ෂ 57 ක් වැය කරමින් තම වැසිකිලිය අලුත්වැඩියා කර ගැනීම බවත් එසේ වුවද නගර සභාවේ ආරක්ෂක අංශය තවදුරටත් මුත්‍රා කරන්නේ නගර සභා ගොඩනැගිල්ලට බවත්ය ෴

+++++++++++++++++++++++++++++++++++

පාර්ලිමේන්තුවටත් බැරි වූ දේ රෝසි කරයි.. කොළඹ මන්ත‍්‍රීන්ගේ කරල පැහේ.. මාසෙකට 20,000ක පඩි වැඩිවීම අනුමතයි…
(25.08.2018 – 16:40 +0530 – lankacnews.com)

කොළඹ මහ නගර සභා මන්ත‍්‍රීවරුන්ගේ මාසිකා දීමනාව රුපියල් 20,000 කින් වැඩි කිරීමේ යෝජනාවක් සම්මත වී ඇත.

ඊයේ දිනයේ පැවති සභා රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ නගරාධිපතිනි රෝසි සේනානායක විසිනි.

මෙම දීමනාවත් සමග කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකුගේ මාසික දීමනාව 34,000 සිට 54,000 දක්වා ඉහළ යයි.

මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරද්දී දැඩි උණුසුම් තත්වයක් ඇති විය ෴

***********************************

ආණ්ඩුවෙන් ඉවත් වෙනවා.. – හකීම් මුල් වරට ප‍්‍රසිද්ධියේ කියයි..
(25.08.2018 – 10:40 +0530 – lankacnews.com)

පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී සුළු ජාතික පක්‍ෂවලට බහු මන්ත්‍රී කොට්‌ඨාස ඇති නොකරන්නේ නම් තම් ආණ්‌ඩුවෙන් ඉල්ලා අස්‌වන බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා සදහන් කරයි.

ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයේදී ඇමතිවරයා කියා සිටියේ සීමා නිර්ණයෙන් මුස්‌ලිම් ජනතාවටත් උතුර හා නැගෙනහිර සුළු ජාතික ජනතාවටත් අසාධාරණයක්‌ කර ඇති බවයි.

සුළු ජන කොටස් වෙනුවෙන් බහු මන්ත්‍රී ආසන වෙනම කොට්‌ඨාසයක්‌ ලෙස දිය යුතු යයිද කී ඇමති හකීම් එසේ නොකරන්නේ නම් ආණ්‌ඩුවෙන් ඉවත් වන බවද අවධාරණය කලේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *