ජනපති මෛත‍්‍රී හිටපු ජනපති මහින්දගේ මැදමුලනේ නිවසට යයි.. සාකච්චා… එකට ආහාරත් ගනී..

(25.08.2018 – 11:20 +0530 – lankacnews.com)

අභවප‍්‍රාප්ත ටියුඩර් චන්ද්‍රා රාජපක්‍ෂ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හම්බන්තොට මැදමුලනේ පිහිටු මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිවසට මීට ටික වේලාවකට පෙර ගියේය.

දේහයට අවසන් ගෞරව දැක්වූ ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු කතානායක චමල් රාජපක්‍ෂ යන මහත්වරුන් සමග ටික වේලාවක සුහද කතාබහක නිරතව තිබේ.

මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී පෙන්වා දී ඇත්තේ ඊයේ දිනයේ කටයුතු ආරම්භ කරන ලද විශේෂ මහාධිකරණය දේශපාලන මුහුණුවරක් ගෙන ඇති බව මතයක් ඇතිව තෙබන බවයි.

තම දෙඅත් බැද ඇති බවට එහි සභාපති විනිසරු විසින් කරන ලද ප‍්‍රකාශය නිසා එය තවත් තහවරු වන බවද රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

ඒ සම්බන්දයෙන් තමන් සොයා බලන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී සදහන් කර ඇත.

ජනාධිපතිවරයා එහි යන අවස්ථාවේදී ඇමති විජේදාස රාජපක්‍ෂ මහතාද එහි සිටියේය.

ජනාධිපතිවරයා එහිදී හිටපු ජනාධිපතිවරයා සමග උදෑසන ආහාරයද ලබාදෙන ඇති බවද වාර්තා වෙයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *