දක්‌ෂිණ අධිවේගයේ ඉදිකිරීම් වාහවලින් ඩීසල් ලීටරයක්‌ රු. 80 ට අරගෙන එහිම වාහනවලට අත්පිට මුදලට 100 යි ණයට 123 කට විකුණලා! ලීටර් ලක්‌ෂයක්‌ දිනකට!!

(25.08.2018 – divaina.com)

සූරියවැව නීති විරෝධී ඉන්ධන ගබඩාව එස්‌.ටී.එෆ්. එකෙන් වටලයි
දහසය වැනි වරටත් සැකකරු අත්අඩංගුවට

සූරියවැව, ගල්වැව හන්දිය අසල කුලී නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධී ඉන්ධන ගබඩාවක්‌ වටලා එක්‌ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සූරියවැව පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීහු පෙරේදා (23දා) පස්‌වරුවේ සමත් වූහ.

සූරියවැව පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සූරියවැව ගල්වැව හන්දිය අසල නිවසක්‌ වටලා සැකකරු සමග ඉන්ධන තොගය අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ජනාවාස 04, කුමාරගම, ඌව පැල්වත්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට පත් සැකකරු නිවාස දෙකක පමණ කාලයක්‌ තිස්‌සේ විවිධ කාලය කුලියට ගෙන රැඳී සිටිමින් මෙම ජාවාරම කරගෙන ගොස්‌ තිබේ. පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් සිදු කරන වාහන වලින් ලබා ගන්නා ඩීසල් සැකකරු මෙලෙස එක්‌ රැස්‌ කර නැවත අධිවේගී මාර්ගයේ වැඩ කරන ටිපර් රථ සඳහා අඩු මුදලකට අලෙවි කරන බවයි.

සැකකරු මෙම ජාවාරම සඳහා කුඩා ලොරි රථයක සකස්‌ කරන ලද විද්යුත් තෙල් මැනුම් යන්ත්‍රයක්‌ද භාවිත කර තිබේ. අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූයේ සැකකරු දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ වාහන වලින් දිනපතා ඩීසල් ලීටර් ලක්‌ෂයක්‌ පමණ ලබා ගන්නා බවයි. සැකකරු දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ වාහන වලින් ඩීසල් ලබා ගන්නේ ලීටරයක්‌ රුපියල් 80 ක මුදලකට වන අතර නැවත එකතු වෙන ඩීසල් අධිවේගී මාර්ගයේම වැඩ කරන ටිපර්, ලොරි හා බවුසර් සඳහා අත්පිට මුදලට ලීටරයක්‌ රුපියල් සීයයකටත්, ණයට දෙන්නේ නම් ලීටරයක්‌ රුපියල් එකසිය විසි තුනක මුදලටත් අලෙවි කර තිබේ.

මෙම ජාවාරම සඳහා දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ සේවයේ නියුතු වාහන හිමියන් හා චීන ජාතිකයන්ගේද සහාය ලැබෙන බවත් ඒ සඳහා එම පුද්ගලයන්ටද මුදල් ලබාදෙන බවත් තවත් මෙවැනි ඉන්ධන එකතු කරන්නන් රැසක්‌ සිටින බවත් සැකකරු පොලිසියට පවසා තිබේ.

වැටලීමෙන් සැකකරු සමග ඩීසල් ලීටර් 2000 ක්‌, ඩීසල් බෙදාහරින විද්යුත් මැනුම් යන්ත්‍රයක්‌ සහිත ජංගම කුඩා ලොරි රථයක්‌ හා ඊට සවි කරන ලද බවුසරයක්‌ ඩීසල් දැමීමට යොදාගත් ලීටර් 23 ක ප්ලාස්‌ටික්‌ කෑන් 50 ක්‌ හා බැරල් කිහිපයක්‌ අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් ඩීසල් තොගයේ වටිනාකම රුපියල් දෙලක්‌ෂ තිස්‌හයදසක්‌ පමණ වේ. සැකකරු කුලියට ලබාගත් නිවසේ මෙම ජාවාරම කරගෙන ගොස්‌ තිබුණු අතර මීට පෙරද මෙම ජාවාරමේ නිරතව සිටියදී 15 වතාවක්‌ පමණ සැකකරු පොලිස්‌ අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු ඩීසල් හා නඩු භාණ්‌ඩ සමගින් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට සූරියවැව පොලිසියට භාරදී තිබේ. සැකකරු හම්බන්තොට මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සූරියවැව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ කඳවුරු අණදෙන නිලධාරි පොලිස්‌ පරීක්‌ෂක කුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ එක්‌ව වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ ෴

*****************************************

දිවයින > මීවිත > සුමින්ද සිරිසේන සූරීන්
(19.08.2018 – divaina.com)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *