රටම ලස්සන කරමින් දකුණු ලක ඉදිවන සුන්දර දුම්රිය මගේ මෙතෙක් ඔබ නොදුටු දර්ශන මෙන්න

(29.08.2018 – 10:00 +0530 – hirunews.lk/sinhala)

ලංකාවේ දිගම දුම්රිය වේදිකාව බවට පත්වෙමින් ඉදිකිරීම් කටයුතු අවසන් වෙමින් පවතින බෙලිඅත්ත දුම්රිය ස්ථානය වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ තවත් සුන්දරම දුම්රිය මාර්ගයක් වන කිලෝමීටර් 26 පමණ දිගින් යුතු මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගයේ වැඩකටයුතු මේ වනවිට කඩිනමින් අවසන් වෙමින් පවතිනවා.

මෙම දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත දක්වා දුම්රිය ස්ථාන 5 කින් සමන්විතයි.

මෙහි උප දුම්රිය ස්ථාන 2 වන වැව්රුකන්නල හා පිලදූව එක් වේදිකාවකින් පමණක් සමන්විත වන අතර අනෙක් දුම්රිය ස්ථාන 4 හි වේදිකා තුන බැගින් සමන්විත වනවා.

මෙම දුම්රිය මාර්ගයේ තවත් විශේෂත්වයක් වන්නේ මගීන් සදහා දුම්රිය ස්ථානයේ වේදිකා හරහා මාරු වීමට ගුවන් පාලම් වෙනුවට උමං මාර්ග ඉදිකිරිමයි.

බෙලිඅත්ත දැක්වා දුම්රිය මාර්ගයේ ප්‍රධානතම දුම්රිය ස්ථානය වන්නේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයයි.

මෙහි මීටර් 110 පමණ දිගකින් යුතු දුම්රිය ස්ථාන ගොඩනැගිල්ලක් සහ මීටර් 250 – මීටර් 300 පමණ දිගකින් යුතු දුම්රිය වේදිකා 3 ක් ඉදිකර තිබෙනවා.

මෙය විවෘත කිරිමෙන් පසු ලංකාවේ දිගම දුම්රිය වේදිකාවට හිමි වාර්ථාව බෙලිඅත්ත දුම්රිය ස්ථානයට හිමි වීම විශේෂත්වයක්.

10% ක් පමණ දුම්රිය ගුවන් පාලම් මතින් ඉදිවී තිබීම විශේෂත්වයක්.

ඒ අනුව කැකනදුර දක්වා ඇති කොටසේ කිලෝමීටර්යක් පමණ දිගින් යුතු ගුවන් පාලමක් සහ මීටර් 615 පමණ දිගකින් යුත් බිංගයක්ද ඉදිකර තිබෙනවා.

එය ලංකාවේ දිගම දුම්රිය බිංගය වනු ඇති අතර මේ වනවිට ලංකාවේ දිගම බිංගෙය වන්නේ සිංගිමලේ

බඹරැන්ද සිට වැව්රුකන්නල දක්වා කොටසේ කිලෝමීටර් 1.5 දිගින් යුතුව ඉදිකර ඇති පාලම ඉදිරියේදි දිගම සහ උසම දුම්රිය ගුවන් පාලම වනු ඇති.

මාතර සිට බෙලිඅත්ත දක්වා ඇති දුම්රිය ස්ථාන :

• මාතර දුම්රිය ස්ථානය
• පිලදූව උප දුම්රිය ස්ථානය
• වෙහෙරහේන උප දුම්රිය ස්ථානය
• කැකනදුර දුම්රිය ස්ථානය
• බඹරැන්ද දුම්රිය ස්ථානය
• වැව්රුකන්නල දුම්රිය ස්ථානය
• බෙලිඅත්ත දුම්රිය ස්ථානය

[ සේයාරූ ]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *