සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට එරෙහිව “රට සුරකින ජනපවුර”

(30.08.2018 – 19:36 +0530 – hirunews.lk/sinhala)

සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට එරෙහිව දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැසකගේ සහභාගීත්වයෙන් “රට සුරකින ජනපවුර” නමින් අද නව සංවිධානයක් පිහිටවනු ලැබූවා.

රටට ගැලපෙන ජාතික වෙළෙද ප්‍රතිපත්තියක් සැකසීම හා රටට අහිතකර සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අහෝසි කිරීම මෙම නව සංවිධානයේ අරමුණු අතර වනවා.

ජනතා විමුක්ති පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයල ඇතුළු වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැසකගේ සහභාගීත්වයෙන් මෙම නව සංවිධාන පිහිටවනු ලැබූවා.

++++++++++++++++++++++++++++

සිංගප්පූරු වෙළඳ ගිවිසුමට එරෙහිව රතන හිමියෝ සාක්ෂි දෙති
(30.08.2018 – 21:46 +0530 – lankadeepa.lk)

එජාප පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කෙරුණු ජනපති කමිටුව හමුවේ පෙනි සිටිමින් ඒ ගිවිසුමට එරෙහිව අද (30) සාක්ෂි දුන්හ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ අතුරලියේ රතන හිමියෝ පැවැසුවේ ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුමේ ඇති අහිතකර වගන්ති ගණනාවක් පිළිබඳව කමිටු සාමාජිකයින්ට පෙන්වා දුන් බවයි.

මෙම වෙළඳ ගිවිසුම පිළිබඳව අදහස් දැක්වීමට අවස්ථාව දෙන්නැයි රතන හිමියෝ එම කමිටුවෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබිණි. අද ඒ සඳහා අවස්ථාව ලැබුණේ ඒ අනුවය.

ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම පිළිබඳව කරුණු සොයා බැලෙන කම්ටුව අද රැස්වුණේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය.රතන හිමියෝ අද පස්වරු 5.45 ට පමණ කමිටුව හමුවේ පෙනි සිටිමින් මෙසේ සාක්ෂි දුන්හ.

සිංගප්පූරු ගිවිසුම පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කෙරුණේ මීට සති කිහිපයක ඉහතදීය ෴

+++++++++++++++++++++++++++

රටට ගැලපෙන වෙළද ප්‍රතිපත්තියක් හදන්න – ගම්මන්පිල කියයි
(30.08.2018 – nethnews.lk)

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ විශේෂඥ කමිටුව හමුවේ අද (30) කරුණු දැක්වුවා.

ඒ පිළිබද පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවේ කරුණු දැක්වූයේ මෙලෙසයි :

‘‘නිදහස් වෙළද ගිවිසුම් වලට අපි විරුද්ධ නෑ. ලංකාවේ උද්ඝෝෂණය කලාට සිංගප්පුරුවේ ගිවිසුමට විරුද්ධව උද්ඝෝෂණ කරන්නේ නැහැ. ඉන්දියාව එක්ක ඇති කරගන්න හදන එක්ටා ගිවිසුමට එරෙහිව ඒ රටේ උද්ඝෝෂණ කරන්නේ නැහැ. ඒ රටවල් වල මිනිස්සු දන්නවා තමන්ගේ රජය තම රටට අවාසි වෙන දෙයක් කරන්නේ නැහැ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ගිවිසුම් වල නෙමෙයි. ගිවිසුම් අත්සන් කරන විදිහයි. අපේ ආණ්ඩුව රට පාවලා දීලයි ගිවිසුම් අත්සන් කරන්නේ. මේ සම්බන්ධයෙන් සොයා බලන්න පත්කරපු ජනාධිපති කොමිසමට අපි පෙන්නලා දීලා තිබෙනවා ඔබලාට ජනාධිපතිවරයා බලය පවරලා තියනවා රටට ගැලපෙන වෙළද ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්න කියලා.’’

එහිදී උදය ගම්මන්පිල මන්තී‍්‍රවරයා ගිවිසුමේ සදහන් කසළ හුවමාරුව පිළිබදවද මෙසේ අදහස් පළ කළා :

***********************************

05 වැනිදා ජන රැලිය ස්ථිර බව ඒකාබද්ධ විපක්යේ තරුණ පෙරමුණ කියයි
(30.08.2018 – 19:22 +0530 – hirunews.lk/sinhala)

කුමන බාධා පැමිණිය ද සැලසුම් කළ පරිදි සැප්තැම්බර් 5 වනදා ආණ්ඩු විරෝධී ජන රැළිය පවත්වන බව ඒකාබද්ධ විපක්යේ තරුණ පෙරමුණ පවසනවා.

ඔවුන් මේ බව කියා සිටියේ කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම ජන රැළිය වැළැක්වීමට ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා කියා සිටියේ.

******************************************

ඔබ විදෙස් රැකියාවකර ලංකාවට එද්දි කටුනායක ගුවන් තොටේදි ඔබව සූරා කෑමට සූදානමින් වසලයින් ඇත. ප්‍රවේසමෙන් ! (29.08.2018)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *