විහාරමහාදේවි උද්‍යානයට එන දරුවන්ගෙන් මුදල් අය කර ගැනීමට සියල්ල සූදානම් – පැයට 400 යි – යෝජනාවත් සම්මතයි

(30.08.2018 – nethgossip.lk)

කොළඹ විහාර මහා දේවි උද්‍යානයට සහ කාක දූපත උද්‍යානයට ක්‍රීඩා කිරීමට පැමිණෙන කුඩා දරුවෙකුගෙන් මුදල් අය කර ගැනීම සඳහා වන යෝජනාවක් කොළඹ නගර සභාව විසින් සම්මත කර ගෙන ඇති බව වාර්තාවෙයි

මෙලෙස ක්‍රීඩා කිරීමට පැමිනෙන දරුවන්ගෙන් පැයකට රුපියල් 400 අය කර ගැනීමට සූදානම් වන අතර එය පෞද්ගලික සමාගමක් වෙත පවරනු ඇති බවටත් වාර්තාවෙයි.

මාස 02 ක් ඇතුළත මෙම වැඩසටහන ක්‍රියාත්මක වනු ඇතැයි නගර සභා ආරංචි මාර්ග සඳහන් කරන අතර මෙම යොජනාව යටතේ වයස අවුරුදු 5-10 අතර දරුවෙකුගෙන් විනාඩි 15 කට රුපියල් 100 බැගින් අය කරගැනීමට මෙමගින් අවස්ථාව ලැබේ.

විහාර මහා දේවි උද්‍යානයේ හා කාක දූපත උද්‍යානයේ කුඩා ළමයින්ට ක්‍රීඩා කිරීමට අවශ්‍ය උපකරණ සවි කිරීමටත්, ඒ වෙනුවෙන් කොළඹ මහ නගර සභාවට මාසිකව රුපියල් 100,000 ක් ගෙවීමටත් අදාළ පුද්ගලික සමාගම එකඟ වී ති‍බේ.

කොළඹ මහ නගර සභාවේ මුදල් කමිටුවේ නිර්දේශ පරිදි මහා සභාවට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලැබී තිබෙන අතර, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පස් දෙනා පමණක් ඊට විරුද්ධව වී තිබේ ෴

************************************

සුමති සම්මාන රාත්‍රියේදී දෙරණ සම්මාන රැසකින් පිදුම්ලබයි…

+++++++++++++++++++++++++++++++++

2018 සුමති සම්මාන උළෙල
(30.08.2018 – gossiplankanews.com)

සුමති උළෙලේ ජනප්‍රියම සම්මාන රවීන් – ශලනිටත් හොඳම සම්මාන ශ්‍යාම් – නදීටත් හිමිවේ.

2018 සුමති සම්මාන උළෙල 23 වැනි වරටත් ඊයේ (29) කොළඹ නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී පැවැත්වුණි. මෙවර ජනප්‍රියම නළුවා ලෙස රවීන් කණිෂ්කත් ජනප්‍රියම නිළිය ලෙස ශලනි තාරකාත් අභිෂේක ලැබූ අතර වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය ලෙස ‘අපේ ආදරේ’ සම්මාන ලැබුවා. හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සී රජ අධ්‍යක්ෂණය කළ ජැක්සන් ඇන්තනී ලබද්දී හොඳම නළුවාට හිමි සම්මානය සී රජ නළු ශ්‍යාම් ප්‍රනාන්දු ලබාගත් අතර බැද්දේ කුළවමිය ටෙලි නාට්‍යයේ රඟපෑ නදී කම්මැල්ලවීර හොඳම නිළිය ලෙස කිරුළු පැලඳුවාය. හොඳම සහය නළුවා ලෙස ජගත් චමිලත් හොඳම සහය නිළිය ලෙස නිරෝෂා තලගලත් සම්මාන ලැබුවා.

+++++++++++++++++++++++++++++++++

හොඳම සහය නළුවා ජගත් චමිල සහ හොඳම සහය නිළිය නිරෝෂා තලගල :

————————————

‘Eka Gei Minissu’ Teledrama (78 Episodes) :

+++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *