ජන බල විරෝධය පැවැත්වෙන ස්ථානය මෙන්න.. කොළඹ සියළු මාර්ග අවහිර වීමට නියමිතයි..

(05.09.2018 – 12:40 +0530 – lankacnews.com)

ඒකාබද්ද විපක්‍ෂය විසින් සංවිධානය කරන ‘ජනබලය කොලඹට’ විරෝධතාවය පස්වරු 02 ට පමණ ආරම්භ වීමට නියමිතය.

විරෝධතාවය ආරම්භ වන ස්ථානය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් හෙළිදරව් කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම විරෝධතාවය සදහා පිටකොටුව බෝගහ ආසන්නයේ දී එක්වීමට නියමිත බවද සදහන්ය.

ගම්පහ දිස්ත‍්‍රක්කයේ පිරිසට සම්බන්ධ වන්නැයි උපදෙස් ලැබී ඇත්තේ පංචිකාවත්ත හන්දියටයි. ඔවුන් මාර්ග පහකින් පමණ කොටුව දෙසට ගමන් කිරීමට නියමිතව ඇත.

අනෙක් දිස්ත‍්‍රික්ක සදහාද ඔවුන් එන මාර්ගයන් අනුව කොළඹ මාර්ගයන් වෙන් වෙන් වශයෙන් බෙදා දී ඇති අතර කොළඹ නගරයේ සියළු තදාසන්න මාර්ග විරෝධතාවය හේතුවෙන් අවහිර වනු ඇතැයි සදහන්ය.

විරෝධතාකරුවන් පළාත් ලෙස බෙදී පෙලපාලි 06 කින් විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට පැමිණීමට නියමිතය.

විරෝධතාවය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ලේක්හවුස් වටරවුම අසලදීය.

මේ අතර ඇමරිකානු තානාපති කාර්යාලය මෙරට සංචාරයේ යෙදී සිටින ඇමෙරිකානු පුරවැසියන් ගෙන් ඉල්ලා සිටින්නේ විශාල ජනකායක් අද විරෝධතාව පවත්වන නිසා එම ස්ථානයන් හැකිතාක් මගහැර සංචාරයේ යෙදෙන ලෙසයි ෴

+++++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++++

තහනම තුට්ටුවකට නොතැකේ.. ගම්පහින් 390 ක්, රත්නපුරයෙන් 360 ක්, අනුරාධපුරයෙන් 178 ක් බස් රථ විරෝධතාවයට එයි..
(05.09.2018 – 13:20 +0530 – lankacnews.com)

ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹදී පවත්වෙන ජනබල විරෝදය සදහා සහභාගී වීමට බොහෝ දිස්ත‍්‍රික්කවලින් මේ වන විට බස් රථ විශාල ප‍්‍රමාණයක් පිටත්ව ඇති බව පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් බස් රථ 390 ක්, අනුරාධපුරයෙන් බස් 168 ක්, රත්නපුරයෙන් බස් රථ 360 ක් පිටත්ව ඇති බවට තහවුරු කර ඇතැයි එම ප‍්‍රකාශකයා පැවසීය.

කුරුණැගල දිස්ත‍්‍රික්කයෙන් පමණක් බස් රථ 700 ක් පිටත්ව ආ බව හිටපු ඇමති ජයරත්න හේරත් මහතා සදහන් කරයි.

පුද්ගලික බස් රථ වලට අද දිනයේ වෙනත් ගමන් තහනම් කරමින් නියෝග නිකුත් කර තිබියදී විරෝධතාවය සදහා පුද්ගලික බස් රථ මෙතරම් සංඛ්‍යාවක් එක්ව තිබීම විශේෂයෙන් සඳහන් කළ යුතුය ෴

+++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *